ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාස 07 ක් තුළ පැතිර යන ඩෙංගු තත්ත්වය මේ වන විට පාලනය වීමක් දක්නට ලැබෙන බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද දින සිට බලාපොරොත්තු විය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාසල් ක්‍රිකට් තරග සහ වෙනත් අවස්ථාවලදී විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට නියෝග කර තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
අද (22) ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ. ඒ, කොළඹ නෙළුම් පොකුණ රගහල අසලදීයි මෙම උද්ඝෝෂණය සිදුවන අතර ලෝක ජල දිනයද අදට යෙදී තිබීම විශේෂත්වයකි.