අනතුරු නිවාරණය සඳහා කටයුතු කරන සියලු පර්ශවයන්ගේ සහභගීත්වයෙන් සංවිධානය කරන දෙවන ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ජාතික තරුණ සේවා සභාව, මහනුවර දිස්ත්‍රික් වෘත්තිය මාර්ගෝපදේශ අංශය හා මධ්‍යම පළාත් සභාව එක්ව පවත්වනු ලබන රැකියා පොළක් ලබන 21 දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පොල්ගොල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානායේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදය සඳහා පිළියම් සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ ආරම්භක පියවරක් ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත රජයේ කාර්යාලයන්හි කාර්යාලය වේලාවේ යම් වෙනසක් කිරීමට රජය තීරණය කර ඇති අතර මෙම නියමු ව්‍යාපෘතිය අද (18) සිට ක්‍රියාත්මක කෙරේ.
තොරතුරු සමාජ ගත කළ හැකි ප්‍රමුඛතම මාධ්‍යයක් වන වීදි නාට්‍ය මඟින් ජනතාව දැනුවත් කරමින් වත්මන් සමාජයේ බහුලව සිදු වන ළමා අපයෝජයන් වැළැක්වීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.
සෑම වසරකම සැප්තැම්බර් තෙවන සතියේ සෙනසුරාදාට යෙදෙන අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමඟාමීව ක්‍රියාත්මක කරනු ලබන ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය හා වෙරළ පවිත්‍රා දින ජාතික සැමරුම් උත්සවය අද (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයෙන් ආරම්භ කෙරේ.
ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සංවිධානය කරන 18 වන අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශනය අද සිට 15 දින සිට කොළඹ දී ආරම්භ වෙයි. සැප්තැම්බර් මස 15 16 හා 17 දිනවල කොළඹ -7 ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වීමට නියමිත එහි සමාරම්භක උත්සවය ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතාගේ සහ කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ ගෞරවනීය සහභාගිත්වයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
දිවයින හරහා(විශේෂයෙන්උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වල)සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ තරමක වැඩිවීමක් හෙට සිට (16) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් ගාල්ල, මාතර, කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික් 05ට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයට පසුගිය 12 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තැබීය. 2016 අංක 14 දරන පනත සහ 2017 අංක 9 දරන පනතින් සංශෝධිත අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම (ස්ථාපිත කිරීම, පරිපාලනය සහ ඉටු කිරීම) සැප්තැම්බර් 15 සිට ක්‍රියාත්මක වේ.
පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දින සිට මුළුමනින්ම ක්‍රියාත්මක කෙරේ. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමටත් මුලින් තීරණය කර තිබිණි.