Wednesday, 07 May 2025

මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka  ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් (26) දින පෙරවරුවේ විවෘත කෙරිණි.

Posted On Tuesday, 27 June 2017 06:31

අද ජගත් පරිසර දිනයයි.

 

1972 වර්ෂයේ ස්විඩනයේ  පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක්  සම්මත වීමෙන් අනතුරුව ලෝක පරිසර දින සැමරුමෙහි ආරම්භය සිදුවෙයි. එදින සිට සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය සමරනු ලබයි .මෙවර අප සමරනු ලබන්නේ 44 වන ජගත් පරිසර දිනයයි. ඒ “සොබා දහම හා බැඳුණු ජනතාවක්” යන කාලීන තේමාවත් සමගය.ලෝකයේ දැනට වෙසෙන බිලියන 07 ක ජනගහනයක අවශ්‍යතා  ඉදිරියේ මිනිසා තව තවත් සොබා දහෙමන් ඈත් වනු ඇත. 

Posted On Tuesday, 20 June 2017 05:44 Written by

මෑත කාලයේ දී මෙරට ළමුන් ඇතුළු තරුණ තරුණියන් දුම්රියට ගෙළ තබා සිය ජීවිතය අහිමි කර ගත් අවස්ථා පිළිබඳ ව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාලා මාධ්‍ය හරහා බොහෝ අසන්නට දකින්නට ලැබෙන බැවින් මෙවැනි සියදිවි නසා ගැනීමේ සිදුවීම්වලට ජනමාධ්‍ය හා ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මඟින් සිදු වන්නේ සමාජයෙන් යටපත් කළ යුතු සියදිවි නසා ගැනීමේ සිඳුවීම් තවදුරටත් සමාජයේ ප්‍රචලිත වීම බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
 

Posted On Tuesday, 20 June 2017 05:41

විශේෂයෙන් උදෑසන සහ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Friday, 16 June 2017 06:34

රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා මාස 3ක පොදු සමාකාලයක් ප‍්‍රකාශයට පත් කර තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Posted On Thursday, 15 June 2017 06:31