ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4වැනි දින පෙරවරු 8.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතය.
''සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක්'' තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ප්‍රකාශයට පත් කෙරේ.
සුව සැරිය ගාස්තු රහිත පූර්ව ප්‍රතිකාර සේවාව සබරගමු පළාතේ අද(21) සිට ක්‍රියාත්මක වෙයි.
ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.