Sunday, 02 March 2025

දිවුලපිටිය කොවිඩ් ආසාදිත පොකුරෙන් තවත් ආසාදිතයින් 220ක් හඳුනාගෙන තිබේ.

Posted On Tuesday, 06 October 2020 06:21

රාජ්‍ය භාෂා ප්‍රවීණතා පරීක්ෂණ කල්දැමේ

Posted On Tuesday, 06 October 2020 06:18

 
 
 

වහාම කි‍්‍රයාත්මක වන පරිදි සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා. 

පොලිස් මූලස්ථානය පැවසුවේ සියලූම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම්දෙන අත්හිටුවීමට වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න පියවර ගෙන ඇති බවයි. 

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීමත් සමගම එම වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට පොලීසියේ ඍජු දායකත්වය දැක්වීමට තීරණය කර තිබෙනවා. 

ඒ  වෙනුවෙන් මානව සම්පත සූදානම් කිරීම සඳහා මෙලෙස සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. 

Posted On Tuesday, 06 October 2020 05:33

 
 
 

ඉදිරි පැය 48 තීරණාත්මක බවත් ඉදිරියේදී ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.

මෙම මස 11 වෙනිදා 05 වසර ශිෂ්‍යත්ව විභාගයත් එමෙන්ම 12 වෙනිදා අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් ද හෙට දිනයේදී තීරණය කිරිමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ වන විට ලැබී ඇති PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව පුද්ගලයින් 321ක් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් ඉදිරි පර්යේෂණ වාර්තා අද සහ හෙට දිනයේදී ලැබීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Posted On Tuesday, 06 October 2020 05:11

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් අයෙකු පත්කර ඇති අතර ඒ වෛද්‍ය ජයරුවන්ම බණ්ඩාර හතා එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇත.

Posted On Tuesday, 06 October 2020 05:04