
Editor
ඡන්ද ජයගත් කාන්තා ප්‍රතිශතය ඉහළ යයි
මෙවර පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේදී ඡන්දයෙන් තේරී පත් වූ කාන්තා සභික ප්‍රතිශතය 10% දක්වා ඉහළ ගොස් ඇති බවත් කාන්තා නියෝජනය අඩු කිරීමේ අදහසක් නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ගුවන් හමුදා පාපැදි සවාරිය - 2018 මාර්තු 2 දා ඇරඹේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2018 මාර්තු මස 02, 03 සහ 04 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.
දිවයිනේ වියළි කාලගුණය හෙට සිට සුළු වෙනසක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්වයේ සුළු වෙනසක් පෙබරවාරි මස 24 දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් සභිකයන් 5075ක් පත් වෙනවා - මැතිවරණ කොමිෂමේ සභාපති
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින් 17 දෙනා හැර මෙවර පළාත් පාලන ඡන්ද විමසීම අනුව පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 5075ක් තේරී පත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මෝටර් රථවල ඉදිරිපස සන්නිවේදන උපකරණවලට බාධා නොවන ලෙස අංක තහඩු නිකුත් කිරීමට පියවර
නවීන මෝටර් රථවල ඉදිරිපස පිහිටා තිබෙන සන්නිවේදන උපකරණවලට බාධා නොවන පරිදි සකස් කළ ඉදිරිපස අංක තහඩු නිකුත් කිරීමට, මෝටර් වාහන පනත යටතේ නියෝගය ගෙන ඒම මඟින් බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
ඊ-මෝටරින් ව්‍යාපෘතිය ඉක්මනින් අවසන් කර ජනතවට සේවය ලබාදීමට බලාපොරොත්තු වෙනවා
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ-මෝටරින් ව්‍යාපෘතිය හැකි ඉක්මනින් අවසන් කර ජනතවට අවශ්‍ය සේවය ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ට
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත් කර තිබේ.
උදෑසන සහ රාත්‍රී කාලයේ ශීත කාලගුණයක්
ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ බොහෝ පළාත්වල වියලි කාලගුණ තත්ත්වයන් සහ තරමක් ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් (විශේෂයෙන් උතුර ,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල) අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෘතීම වැසි ලබාගැනීමේ ජාත්‍යන්තර වැඩමුළුව හෙට
විදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර වැඩමුළුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වේ.
උඩවලව ඇත් අතුරු සෙවණට 172,874ක සංචාරක පිරිසක්
පසුගිය 2017 වසරේ දී උඩවළව ඇත් අතුරු සෙවණ වෙත සංචාරකයින් 172,874ක පිරිසක් පැමිණ ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව සංචාරක පැමිණීම හරහා උඩවළව ඇත්අතුරු සෙවණ රුපියල් මිලියන 32.42ක ආදායමක් ද උපයාගෙන ඇත.