
Editor
දැනුම්දීමකින් තොරව මතුගම බස් නැවතුම්පොලේ බස් වර්ජනයක්
කළුතර, මතුගම නගරයේ සිට ආරම්භ වන පෞද්ගලික බස් රථ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව බස් රථ වර්ජනයක අද (19) උදෑසන සිට යෙදී සිටින බව රජයේ නිලපුවත් වෙබ් අඩවියට වාර්තා වෙයි.
අර්ථ සාධක අරමුදලේ සාමාජික අංකය ලෙස ජාතික හැදුනුම්පත් අංකය එයි
සේවක අර්ථසාධක අරමුදලට දායක වී ඇති අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය අරමුදලේ සාමාජික අංකය ලෙස යොදා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.
දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල නියාමනය කිරිමට පියවර
දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ විවිධ මිළ ගණන් යටතේ අලෙවි කරන බැවින්, එම උපකරණවල මිළ නියාමනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ගාල්ල නාගර සීමාව තුළ ජල සැපයුම දහවල් 12 වනවිට යථාතත්ත්වයට - ගාල්ල දිස්ත්‍රික් ලේකම්
ගාල්ල, වක්වැල්ල ජලය බෙදා හැරීමේ පොම්පාගාරයේ ඇති වූ හදිසි ගින්නෙන්පසු නතර වී තිබූ ගාල්ල නාගර සීමාවේ ජලය බෙදා හැරීමේ කටයුතු අද (16) මධ්‍යහ්න 12.00 පමණ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වේ යැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.
ක්‍රමවත් ලෙස කසල බැහැර නොකරන්නන්ට ඉදිරියේදී නීතිමය පියවර
කසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදු නොකරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තා මහතා පැවසීය.
''ෆියුචර් මයින්ඩ්ස්-2018'' නිල එළිදැක්ම මාර්තු 19 දා
2018 - “ෆියුචර් මයින්ඩ්ස්, උසස් අධ්‍යාපනික සහ වෘත්තීය ප්‍රදර්ශනය නිල වශයෙන් එළිදැක්වීම, මාර්තු (19) සවස 6.30ට කොළඹ ශැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
සමාජ යහපත වෙනුවෙන් ඕනෑම ප‍්‍රවාහයකට දොර විවර කළ ද සමාජය විනාශ කරන ප්‍රවාහ පාලනයට ක්‍රමයක් අවශ්‍යයි
මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත් සමාජ යහපත වෙනුවෙන් වන ප‍්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක්වේ නම් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.
අඩු පීඩනය අරාබි මුහුද දෙසට - දිවයිනට ඇති බලපෑම අඩුවෙයි
ශ්‍රී ලංකාවට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය, දැනට කොළඹ සිට කි.මී.550 ක් දුරින් ස්ථානගතව පවතින බවත් එය දිවයිනෙන් ඉවතට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
චීන තානාපති හා විදේශ ඇමති අතර සාකච්ඡා
ශ්‍රි ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වී පැමිණි චෙන්ග් ක්ෂූවාන් මහතා ( Chang Xueyuan) විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා හමු විය
මහනුවර දේපළ හානි පිළිබඳ ව නොපමාව පැමිණිලි කරන්න - පොලිස් මූලස්ථානය
මහනුවර පොලිස් කොට්ඨාසය තුළ පසුගිය දින කිහිපය තුළදී සිදු වූ සාපරාධී ක්‍රියාවලින් හානියට පත් වූ දේපළ පිළිබඳ ව මෙතෙක් පොලිස් ස්ථානවලට පැමිණිලි කර නොමැති පුද්ගලයින් සිටී නම් නොපමාව හානියට පත් වූ දේපළ පිළිබඳ ව පොලිස් ස්ථානවෙත පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.