
Editor
පළාත් කීපයක වැසි ඇතිවීමේ හැකියාවක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.
කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ
කැලණිවැලි දුම්රිය මාර්ගය ලබන 16දා රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව මෙම මාර්ගය සෙනසුරාදා සහ ඉදිරිදා යන දෙදින තුළ සියලු ම දුම්රිය ගමන් සිදු නොකෙරෙනු ඇත.
අධිවේගී මාර්ගයේ අද සිට නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මකයි
අධිවේගී මාර්ගය තුළ වේග සීමා උල්ලංඝනය කරනු ලබන වාහන වේග සීමා නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කළ නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය අද (14) සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත.
උතුරු, නැගෙනහිර, ඌව පලාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට වැසි තත්ත්වයක්
උතුරු,නැගෙනහිර සහ ඌව පලාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම සහ සබරගමුව පළාත් වල සහ අනුරාධපුර, ගාල්ල,මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතී.
මැතිවරණයට ආරක්ෂක අංශ සූදානමින්
ඡන්දය විමසීම් දිනයේදී ඡන්ද ගණන්කිරීමේදී හා ඡන්දය විමසීම් දිනයට පසුව ද ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා පොලීසිය අවස්ථාවෝචිතව ත්‍රිවිධ හමුදාව ද ක්‍රියා කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌවට වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඡන්දය දා සුරාසැල් වැසේ
හෙට දින (10) පැවැත්වීමට නියමිත පළත් පලන මැතිවරණය හේතුවෙන් දිවයිනපුරා පිහිටි සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.
එකම එක කතිරයක් පමණක් යොදන්න
ඡන්ද පොළේදී එක් එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන් බවත් මෙම ඡන්ද පත්‍රිකාවල සඳහන් වන්නේ ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නම් ඒවායේ ඡන්ද ලකුණු පමණක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඡන්ද විමසීම් රාජකාරි සඳහා සියලුම නිලධාරීන්,සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍යයි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් රාජකාරි සඳහා පත් කර තිබෙන සියලුම නිලධාරීන්,සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඡන්දය ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානයේදීම
ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී පසුගිය මැතිවරණයවලදී සිදු කළ පරිදි ඡන්ද ගණන් කිරීම මධ්‍යගතව එනම් දිස්ත්‍රික් මූලස්ථානයේදී සිදු නොකෙරෙන අතර ඡන්ද මධ්‍යස්ථානයේදී සිටම ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.