
Editor
උත්සවය සමය තුළ රට පුරා සුරාබදු වැටලීම් 3555ක්
උත්සවය සමය තුළ සිදු විය හැකි සුරාබදු අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වූ විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ සාර්ථක වැටලීම් 3555ක් සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව ඇත. අප්‍රේල් මස 09 වැනි දා සිට 15 වැනි දා දක්වා මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (19) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වැසි ඇති වේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක්
නීතීඥ එච්.එම්. අබයරත්න මහතා ජාතික ළමා අරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කර තිබේ. ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 8වන සභාපති ලෙසය.
මාධ්‍ය නිවේදනය- අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය කිරිම
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා වු ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.
විදෙස්ගතවන ලාංකිකයන් වෙනුවෙන් ''ලේඛන සත්‍යාපනය'' වැඩසටහන අද ඇරඹේ
විදෙස්ගතවන ලාංකිකයන් ඒ සඳහා ඉදිරිපත්කළ යුතු අනිවාර්ය ලේඛනයන්හි සත්‍යතාව තහවුරුකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් තම ප්‍රදේශයේ සිට සිදුකරගැනීමට හැකිවන''ලේඛන සත්‍යාපනය'' වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට (05) පෙ.ව. 10.00. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වෙයි.
පළමු පාසල් වාරය හෙට අවසන්
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය 2018 අප්‍රේල් මස 06 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 23 වන සඳුදා දිනයි.
ගල්ලට විශේෂ ළමා රෝග ඒකකයක්
ගාල්ල කරපිටිය රෝහලේ ඉදි කිරීමට යෝජිත විශේෂ ළමා රෝග ඒකකයට මුල්ගල තැබේ. සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ප.ව. 3.00ට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වෙයි.
වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ.මෙහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්ව යෙන් අද (2) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ප.ව.6.00ට පැවැත්වීමට නියමිතය.
සා/පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
අ.පො.ස. (සා/පෙළ) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා 688,573ක් අයදුම් කර ඇති අතර එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස අයදුම්කරුවන් නිවැරදි අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.
පළාත් කිහිපයකට අද සවසට වැසි
බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යමසහඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.