Tuesday, 13 March 2018 04:34

චීන තානාපති හා විදේශ ඇමති අතර සාකච්ඡා

ශ්‍රි ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වී පැමිණි චෙන්ග් ක්ෂූවාන් මහතා ( Chang Xueyuan) විදේශ අමාත්‍ය  තිලක් මාරපන මහතා හමු විය

. මෙහි දී දෙරට අතර දේශපාලන,ආර්ථික,වෙළඳ සබඳතා මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කලාපීය සහයෝගීතාව පිලිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති අතර  ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය හා අතීත සබඳ තා පිලිබඳ අදහස් දක්වමින් චීන තානාපති චෙන්ග් ක්ෂූවාන් මහතා ( Chang Xueyuan)  විශේෂයෙන් වර්තමානයේ පවතින තත්වය පාලනය කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවද සඳහන් කර ඇත.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය ප්‍රශංසාවට ලක් කළ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා චීනය සහ එහි ජනතාව ට සිය ස්තුතිය පළ කළේය. මෙරට  ක්‍රියාත්මක මහා පරිමාන ව්‍යාපෘති හා එහි සේවය කරන චීන ශ්‍රමිකයින් පිලිබඳ මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන ඇත.