Editor

Editor

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
 

විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යමණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉල්ලා සිටී.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2017 වර්ෂයේ ජනවාරි මස පළමු වැනිදා සිට දෙසැම්බර් මස අට වැනිදා දක්වා  ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548ක් වාර්තා වී තිබෙන බව ජාතික ළමා ආරක්ෂ අධිකාරිය පවසයි.

පසුගිය 08 වන දින සිට ආරම්භ කර ඇති දුම්රිය රියදුරන්ගේ සහ දුම්රිය සේවක ඒකාබද්ධ සංවිධානය විසින් ආරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් මහජනතාවට ඇති වී තිබෙන ගමනාගමන අපහසුතාවය නැති කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මේ වන  දීපව්‍යාප්තව පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කියයි.
 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 5,116 ක දී අපේක්ෂකයින් 688,573 දෙනෙකු අද (12) දින පෙනී සිටීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. විභාගය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදු කර අවසන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

දිවයිනට කි.මී. 800 පමණ දුරින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇති අතර එය වයඹ ‍‍දෙසට බරව දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ හේතුවෙන් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතී.
 

2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය ලබන 8 වැනි සිකුරාදායින්  අවසන් වන අතර 2018  වර්ෂයේ පළමු පාසල් වාරය  2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ වේ.

අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රී 12.00 සිට  විභාගය අවසන් වන ලබන 21 වැනිදා දක්වා සම්පූර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

අද සිට ඉදිරි දිනවලදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් පවති.

මෙවර පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 04 දිනට පසු හා  පෙබරවාරි 17 වෙනිදාට පෙර පැවැත්වීමට බලාපොරොත්තු වන බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. මේ වන විට නාමයෝජනා ඉදිරිපත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් නාමයෝජනා භාර ගැනීම අදියර දෙකක් යටතේ සිදුවුවත් ඡන්දය ප්‍ර‍කාශ කිරීම එක් දිනයක පවත්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.