Editor

Editor

ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි මුදලක් රජය පිරිනමන බවත් ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂය බැගින් දැනටමත් ලබාදී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
 

ආපදාවක් සිදුවුවහොත් කඩිනමින් ඒ පිළිබඳ දැනුම් දීමට ස්වදේශ කටයතු අමාත්‍යාංශය විසින් 1902 හදිසි ඇමතුම් අංකය ලබා දී ඇත. මෙම අංකයට ඇමතීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට තම ආපදාව පිළිබඳ තොරතුරු ලබාදීමට හැකියාව ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කරයි.
 

ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 84ක් විපතට පත්ව ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. එමෙන් ම නිවාස 4,493 ට අර්ධ හානි සිදුව ඇති අතර පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 259 කි . ව්‍යාපාරික ස්ථාන හතරක් හා වෙනත් දේපළ හානි අටක් ද වාර්තා වී තිබේ.
 

දැනට පවතින වර්ෂාපතනය අනුව නිල්වලා පහල නිම්නයේ හා කිරම ආර අවට ගංවතුර තත්ත්වය මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ හා කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 

1981 අංක 04 දරණ කොන්සියුලර් කටයුතු පනත යටතේ  විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් (ප්‍රදුත) අංශය මගින් අයකරනු ලබන ගාස්තු  2018 ජනවාරි මස 01 වැනි  දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇත.
 

ආපදා තත්ත්වය හේතුවෙන් සිදු ව ඇති විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාතංශය විසින් දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී ඇත.
 

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩුපීඩන කලාපයක් බවට පත් පත්ව ඇති අතර ඒ හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සහ දිවයිනේ තද වැසි සහ විටින් විට හමන තද සුළං පැ.කි.මී.60 පමණ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 93හි ඡන්ද විමසීම් සඳහා භාවිතා කරනු ලබන්නේ 2017 වර්ෂය සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනය බවත් එම නාමලේඛනය තේරීම් භාර නිළධාරීන් විසින් ඒ ඒ පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කරයි.

දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බැවින් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ තුන් දින නිල සංචාරයක් සඳහා අද (27) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.