Editor

Editor

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද සහ හෙට දිනයන්හිදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි තත්ත්වය වැඩි වේ.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ ලබන 22 දා අවසන් වන බැවින් එදින හෝ ඊට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

චීනය හා ශ්‍රී ලංකාව අතර 60 වසරක අනොන්‍ය සබදතාවය  විශිෂ්ඨ සබඳතාවක්  ලෙස පරිවර්තනය කළ චීන තානාපති 

යී ෂියෑංග්ලින්ග් මහතා සිය ධුර කාලය නිමා කර සිය රට බලා පිටත්ව ගොස් ඇත.  ඒ මහතා නික්ම යාමට ප්‍රථම

ශ්‍රී ලාංකිකයින් අමතා සංවේදී සටහනක් තබමින් "සැබෑ අවංක මිතුරෝ ගතින් දුරස් වුවද අත්හැර නොයති."යි ප්‍රකාශ කර ඇත.

ලෝකයේ කොතැනක සිටියත් ශ්‍රී ලංකාව ගැන අවධානයෙන් පසුවන බව ද සඳහන් කරන ඒ මහතාගේ ලිපිය පහතින් බලන්න

උපුටා ගැනීම :

ආයුබෝවන්, වාසනා වේවා ශ‍්‍රී ලංකා !

යී ෂියෑංග්ලින්ග්, ශ‍්‍රී ලංකාවේ  චීන තානාපති
මාගේ පැවරුන රාජකාරී අවසන් කර අද නැවතත් මාගේ මාතෘ භූමිය බලා පිටත්ව යන්නෙමි. 2015 පෙබරවාරි 24 වැනිදා කොළඹට ළඟාවූ මම ශ‍්‍රී ලංකාවේ 20 වැනි චීන තානාපතිවරයා වශයෙන්  රාජකාරි  ඇරඹුවෙමි. ගතවු අවුරුදු දෙකකුත් මාස නමයක කාලය තුළ මම දිවයිනේ පළාත් නමයක පිහිටි දිස්ත‍්‍රික්ක 25කම සංචාරය කළෙමි. එසේම  ශ‍්‍රී ලාංකීය මිතුරන් බොහොමයක් ඇති කරගත් අතර චීන - ලංකා සබඳතා  බාධා ජයගනිමින් නව සංවර්ධන අවස්ථා වෙත ගමන් කරනු දුටුවෙමි.
චීනයත් ශ‍්‍රී  ලංකාවත් අතර ඉහළ මට්ටමේ සමීප අනොන්‍ය සබදතාවයක් හා විශ්වාසයක් ගොඩනැගී ඇත. ගරු. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පදවි ප‍්‍රාප්තියෙන් අනතුරුව චීනයේ නිල සංචාරයක යෙදෙමින් ගරු. ජනාධිපති ෂි ජින්ග්පින්ග්  හමුවී චීන -ලංකා සබඳතා තිරසාරව ශක්තිමත් කරගත හැකි දිශානතිය පිළිබද ගැඹුරු ඉඟියක් පළ කළේය. දෙරටෙහි නායකයෝ කලාපීය හා ගෝලීය අවස්ථාවන්හි මනා සන්නිවේදනයක් ගොඩනගා ගත්හ. ගරු. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සාර්ථක නිල සංචාරවල යෙදෙමින්, ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ එක මාවතක් එක තීරයක් සමුළුවට ද සහභාගි වෙමින් චීන ලංකා ප‍්‍රායෝගික සබඳතා වඩාත් ගැඹුරු කළේය. ගරු. කථානායක කරු ජයසුරිය මහතාත් චීනයේ  ජනතා දේශපාලන උපදේශකත්ව සමුළුවේ ගරු. සභාපති යු ෂෙන්ග් ෂෙන්ග් මහතාත් සංචාරවල නිරතවුහ. විවධ ක්ෂේත‍්‍රවල පාර්ශ්වික සබදතා හා හුවමාරු කර ගැනීම් අඛණ්ඩව පුළුල් විය.
චීනයත් ශ‍්‍රී ලංකාවත් අතර වාසිසහගත සහයෝගිතාව නව සංවර්ධනයක් කරා පිය නගමින් දෙරටේම ජනතාවට දැනෙන ප‍්‍රතිලාභ අත්කර දී ඇත. වර්තමානයේ චීනය ශ‍්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කාරුවා ද, විශාලතම යටිතල පහසුකම් ඉදිකිරීමේ හවුල්කරුවා ද, වැඩිම ආයෝජන, පරිත්‍යාග  හා ආධාර ලබාදෙන රට බවට ද පත්වී ඇත. ශ‍්‍රී ලංකාවත් චීනයත් අතර ආර්ථික සහයෝගිතාව රැුකියා ලක්ෂයකට අධික  සංඛ්‍යාවක් උත්පාදනය කර ඇති  අතර තාක්ෂණික හා කලමනාකරණ අංශයේ  දස දහස් ගණනකට පුහුණුව ලබාදී රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට අනුපමේය සේවයක් ඉටුකොට ඇත. එක මාවතක් එක තීරයක් ප‍්‍රවේශයේ මග පෙන්විම ඔස්සේ උපරිම උපදෙස් ලබාගැනිමේ සංකල්පය යටතේ බද්ධ දායකත්වය සැපයිම හා වාසි බෙදා හදා ගැනිම මගින් චීන ලංකා සහයෝගිතාව  ඉදිරියට ගමන්කරයි.  චීන - ලංකා ප‍්‍රායෝගික සබඳතාව සංවර්ධනය වීම තව දුරටත් පහසුකරමින්  වරාය නගරය හා හම්බන්තොට පුළුල් සංවර්ධන ව්‍යාපෘතිය  එකවර ක‍්‍රියාත්මක වෙයි. චීනයත් ශ‍්‍රී ලංකාවත් සැබැවින්ම මිතුරන්ය. චීනයට බලපෑ වෙන්චුආන් භූමි කම්පාව වැනි විපත් වලදී ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව ලබාදුන් අනගි සහයෝගය චීන ජනතාවට කිසිදා අමතක නොවනු ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකාවට ස්වභාවික විපතක් පැමිණෙන විට චීන රජයත් ජනතාවත් කම්පාවන අතර හැකි පමණින් ලංකා රජයටත් ජනතාවටත් සහය දෙනු ඇත. වඩාත් පොහොසත්, වඩාත් සමෘද්ධිමත්, වඩාත් නූතන, වඩාත් කාර්මික වූ ශ‍්‍රී ලංකාවක් බිහිකරනු පිණිස අවංකත්වයෙන් මිත‍්‍රශීලීභාවයෙන් හා ප‍්‍රායෝගිකත්වයෙන් යුතුව  චීන ජනතාව උදව් උපකාර කරනු නියතය.
සහස් වසක චීන ලංකා මිත‍්‍රත්වය සංස්කෘතික හුවමාරුවෙන්  හා අනොන්‍ය හැදෑරීමෙන් බැබලෙන නව යුගයකට එළැඹෙනු ඇත. චීනයත් ශ‍්‍රී  ලංකාවත් ඉපැරණි ශිෂ්ටාචාර වන අතර බුදු දහම වසර 1600 ක් තිස්සේ දෙරටේම පොදු සංස්කෘතික උරුමයක්  වි ඇත. බුදු දහම, සංචාරක කර්මාන්තය හා අධ්‍යාපනය ඔස්සේ සිදුවන සංස්කෘතික හුවමාරුව මට සතුටකි. එය දිනෙන් දින ජනප‍්‍රියත්වයෙන්  වර්ධනය වෙයි. දෙරටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා මනා සබඳතාවක් පවත්වා ගනිමින් දැනුම හුවමාරු කර ගනිති.   චීනය යනු ශ‍්‍රී ලංකාවට සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන දිශාන්තයකි. විවිධත්වයෙන් යුතු චීන සංචාරකයෝ ශ‍්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට දායකවනවා මෙන්ම දෙරට අතර ජනතාවගේ අවබෝධය හා මිත‍්‍රත්වය ද වැඩිකර ඇත. චීන රජය ශ‍්‍රී ලංකාවට රාජ්‍ය ශිෂ්‍යත්ව 100කට වඩා වාර්ෂිකව සපයන අතර 2000කට අධික පිරිසකට පුහුණු වැඩසටහන් සපයනු ලැබේ. ශ‍්‍රී ලංකා විශ්ව විද්‍යාල 15කට චීන රාජ්‍ය තාන්ත‍්‍රික ශිෂ්‍යත්ව ක‍්‍රම ස්ථාපිත කර ඇත. චීන පිල්හාර්මනික් වාද්‍ය වෘන්දය ෂාඔලින් වුෂු කණ්ඩායම හා අනෙකුත් චීන සංස්කෘතිකාංගවලට මෙරටින් උණුසුම්  පිලිගැනීමක් ලැබේ. ශ‍්‍රී ලාංකීය මිතුරන් වැඩි වැඩියෙන් චීන බස ඉගෙන ගන්නා අතර ඔවුන් අනාගතයේදී චීන -ලංකා මිත‍්‍රත්වයේ තානාපතිවරු වනු ඇත.
ඉතිහාසය යනු අභිවෘද්ධියත්, පරිහානියත් පෙන්වන කැඩපතකි. චීනය සහ ශ‍්‍රී ලංකාව අතර වේගයෙන් වර්ධනය වන මිත‍්‍රත්වය දෙරටේ ඓතිහාසික සබදතාව නොනැවැත්විතිය හැකි බව පෙන්වයි.  මේ වසරේදී චීන ලංකා තානාපති සබඳතා ගොඩනගාගෙන අවුරුදු 60ක් සම්පූර්ණ වෙයි. හැට වසරක තානාපති සබඳතාව තුළ ලැබූ ජයග‍්‍රහණ ගැන අපි ආඩම්බර වෙන්නෙමු. වර්තමානයේදී එක මාවතක් එක තීරුවක් ප‍්‍රවේශයේ උපදෙස් යටතේ චීන ලංකා සබඳතා වේගවත් ගමනකට ප‍්‍රවේශ වී ඇත. දිගු කලක පටන් පවතින ද්වි පාර්ශ්වික සබඳතා හා අනොන්‍ය වාසි සහගත සහයෝගිතාව දෙරටේම යහපත උදෙසා විශිෂ්ට කාර්ය භාරයක් ඉටුකරනු ඇති බවටත් ඉන්දීය සාගර කලාපයේ සාමය වෙනුවෙන් වැදගත් මෙහෙවරක් කරනු ඇති බවටත් මට විශ්වාසය.  
ප‍්‍රිය මිත‍්‍රවරුනි, ශ‍්‍රී ලංකාව මගේ දෙවැනි නිවහන බවට පත්විය. සුන්දර දේශයක අවංක හා මිත‍්‍රශීලී මිතුරන්, කඳු, ගංගා හා මල් සුපිපි ගස්  වල සුන්දරත්වය මගේ මතකයේ සදා පවතිනු ඇත. මෙහිදී ලද අත්දැකීම් මාගේ දිවියේ මිහිරි හා ස්ථිර මතක සටහන් වනු ඇත. ඒවා මගේ ජීවිතයේ මිල කළ නොහැකි සම්පත්ය. මෙම අවස්ථාවේදී ගරු. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත්, ගරු. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටත්, ගරු. කථානායක කරු ජයසූරිය මහතාටත් පොදුවේ ශ‍්‍රී ලාංකීය ජනතාවටත් මට ලබාදුන් සහයෝගය වෙනුවෙන් මගේ හෘදයංගම කෘතවේදීත්වය පළ කරමි.  
අනාගතයේදී මා කොතැනක සිටියත්  ශ‍්‍රී ලංකාව කෙරෙහි අවධානයෙන් පසුවන අතර චීන ලංකා සබඳතා සංවර්ධනය කරන්නට උනන්දු වන්නෙමි.
සැබෑ අවංක මිතුරෝ ගතින් දුරස් වුවද අත්හැර නොයති. ආයුබෝවන්, වාසනාවන් ශ‍්‍රී  ලංකා. !

උපුටා ගැනීම අවසන් :

 

විශේෂ ස්තුතිය : චීන තානාපති කාර්යාලයේ  ටෑන් ෂියෑංග්බින් මහතාට  (Mr. Tan Xiangbin,}

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් සෙසු පළාත්වල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
 

2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කොළඹ , ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 21ක පළාත් පාලන ආයතන 93ක් සඳහා පිළගත් දේශපාලන පක්ෂ 30කින් නාමයෝජනා 447ක් ද ස්වාධීන කණ්ඩායම් 49කින් ද නාමයෝජනා භාර දී ඇත. 

ලබන වසරේදී ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් පේෂකර්ම හා තාක්ෂණ පාඨමාලා සඳහා මෙතෙක් ලබාදුන් උසස් ජාතික ඩිප්ලෝමාව (HND) වෙනුවට ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) ලබාදීමට සැලසුම් කර ඇතයි  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
 

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි සියලුම පුරවැසියන් පිළිබඳ "ජාතික පුද්ගල නාමලේඛයක්" සකස් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

පළාත් පාලන මැතිවරණය - 2018 නාමයෝජනා පත්‍ර භාරදීමේ පළමු අදියර අවසන් දින වන අද (14) දිනයේ ගම්පහට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා පැවසීය.
 

සියලු ආගමික දර්ශනයන්ගේ මගපෙන්වීම වන සංහිඳියාවේ සහ සහජීවනයේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට නායකත්වය ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලයි.
 

ඔස්ට්‍රියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති “Wolbachia” බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට නියමිතය.