
Editor
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ඇරඹේ
''සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක්'' තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ප්‍රකාශයට පත් කෙරේ.
සබරගමුව පළාතේ සුව සැරිය ගාස්තු රහිත ගිලන් රථ සේවය අද සිට ඇරඹේ
ත්‍රීරෝද රථ නියාමනයට වෙනම අධිකාරියක් - අමාත්‍ය අර්ජුන රණතුංග
ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ශීත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘One Stop Shop’ ක්‍රමවේදය මගින් කැණීම් බලපත්‍ර නිකුත් කිරීම වේගවත් කරයි
පාරිභෝගිකයා වෙහෙසට පත් නොකරමින් නිෂ්චිත අවම කාලයක් තුළදී කැණීම් බලපත්‍ර නිකුත් කිරීමට නව සංකල්පයක් හඳුන්වාදීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා හජ් කෝටාව වැඩිවේ
ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගෙන් 2800ක් පමණ බැතිමතුන් ප්‍රමාණයකට හිමි මී තිබූ හජ් කෝටාව 2019 වර්ෂයේදී මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා අවසර ලබා දීමට සෞදි රජය කටයුතු කරයි.
ජනපති පිලිපීන රාජ්‍ය සංචාරය අරඹයි - මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වෙයි
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ති්‍රක සබදතා තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් ස`දහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව් දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 15 දින රාත්‍රියේ මැනිලා නුවර නිනෝයි අකිනෝ (Ninoy Aquino ) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.
ජපාන නාවික හමුදා සාමාජිකයින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු වූ අතර, එම නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් අද හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය.
රුපියල් මිලියන 2500 ක් වටිනා නවීන ගිලන් රථ 132 ක් සුව සේවාවට
දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ 132 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 18 දින පස්වරු 2.00 ට කොළඹ, මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි. මෙවැනි ගිලන් රථ 250 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. තව ද ජර්මනියේ බෙන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 100 ක් ද, දිවයින පුරා රෝහල්වලට බෙදාදීමට පියවර ගෙන තිබේ. දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී ඇත. මෙවර බෙදාදීමට නියමිත ෆොර්ඩි වර්ගයේ ගිලන් රථ පළාත් සභා රෝහල් 103 කට ද, මධ්‍යම රජයේ රෝහල් 27 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02 කට ද ලබා දෙයි.
පළාත් කීපයකට මි.මි.100ක තද වැසි
නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.