Editor

Editor

ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් පැවැත්වීමට මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු සූදානම් කර ඇත.

වයස අවුරුදු 45ට අඩු රැකියා විරහිත උපාධිධාරින් 20,000ක් බඳවාගෙන පුහුණු කිරීමට රජය තීරණය කර ඇත.

උණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර මෙන් ම විවේක ගැනීම අවශ්‍ය බවත් එවන් දරුවන් පාසල් නොයවා සිටීම දෙමාපියන්ගේත් යුතුකමක් යැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.
 

දැනට දිවයින තුල පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2018.05.26 සහ 27 දෙදින පැවැත්වීමට තිබූ සියලුම කාර්යක්ෂමතා කඩඉම් විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දැනුම් දෙයි.
එම විභාගයන් සදහා දැනටමත් නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර විභාගය පැවැත්වෙන දිනට වලංගු වන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

සියලුම රජයේ ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි භාෂ සහකාර නිලධාරීන් 3300ක් බඳවා ගැනීමට පියවර ගැනේ.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ රෝග පැතිරීමට ඇති ඉඩ අවස්ථාව වැඩි බැවින් රෝගවලට ගොදුරුවීම්වලින් ආරක්ෂා වීම ඉතා වැදගත් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.
 

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර ම බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
 

ආපදාවක් සිදුවුවහොත් කඩිනමින් ඒ පිළිබඳ දැනුම් දීමට ස්වදේශ කටයතු අමාත්‍යාංශය විසින් 1902 හදිසි ඇමතුම් අංකය ලබා දී ඇත.

ගංවතුර, නායයෑම් වැනි හදිසි ආපදා තත්වයන් නිසා පීඩාවට පත්ව ඇති ජනතාවට, එම ප්‍රදේශවල පිහිටි ලංකා සතොස අලෙවි සැල් මගින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ඉල්ලීම් වලට අනුව වහාම ලබාදීමට පියවර ගන්නා මෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලංකා සතොස පාලනාධිකාරියට හා කළමනාකරැවන් සියලු දෙනාට දන්වා ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි.