Editor

Editor

ඉදිරි දිනවලදී දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිදු කෙරෙන නවක වදය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගණනාවක් ගෙන ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, නවක වදයට භාජනය වන සිසුන්ට ඒ සඳහා පැමිණිලි කිරිමට හදිසි දුරකතන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක් පිහිටුවා තිබේ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත මෙන් ම විභාග මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
 

2018 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට  2018.07.31  දිව සිට සහ  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට  2018.08.01 දින සිට උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව උසස් පෙළ විභාගයට අදාළව 2018.07.31 දින මධ්‍යම රාත්‍රී සිට 2018.09.01 දින දක්වා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව 2018.08.01 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන දින දක්වා උපකාරක පන්ති පැවත්වීම තහනම් කිරීම් කර තිබේ.

විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.
2013.06.21 දිනැති නිකුත් කරන ලද අංක 1816 ගැසට් නිවේදනය ප්‍රකාරව 1968 අංක 25 ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර තිබේ.

යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය මෙම පනත යටතේ වරදකරුවකු වේ.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම  නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ දෙපාර්තමේන්තුව වෙත පහත දූරකතන අංකවලට පැමිණිලි කළ හැකි වේ.

පොලිස් මූලස්ථානය - 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය 119
ක්ෂණික ඇමතුම් අංකය (වි.දෙපා) 1911
පාසල් විභාග සංවිධාන ශාඛාව - 0112784208/0112784537

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දකුණු කොරියාවේ රැකියා සදහා බදවාගැනීම් කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් වන නිසා කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනිකයින්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය  ජනතාවගෙන් ඉල්ලා සිටී.

දුම්වැටි අලෙවිය නතර කරන නගර සංඛ්‍යාව 200 දක්වා ඉදිරි වසර තුළ වැඩි වනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මිනිස් වෙළඳාමට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය අද (30) විදුලි සංදේශ ඩිජිටල් පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

පසුගිය වසරේ දී රටකජු මෙට්‍රික් ටොන් 3094ක් විදේශයෙන් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 689ක් වැය කර ඇති අතර මේ අතරින් වැඩිම රටකජු ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇත්තේ විශාල ප්‍රමාණයේ  ජම්බෝ රටකජු විශේෂයන්ය. මෙම රට කජුවලට විකල්පයක් වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් "ශ්‍රී ලංකා ජම්බෝ" නමින් නව රටකජු ප්‍රභේදයක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.
 

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයින් සදහා නිල ඇදුමක් හඳුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.