
Editor
වැරදි කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ වෙළදුන් අධිකරණය හමුවට
වැරදි කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශවල වෙළදුන් 28 දෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මහනුවර දිස්ත්‍රික් මිනුම් ප්‍රමිති සේවා අංශය මගින් කටයුතු යොදා තිබේ. ඒ අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔවුන්ගෙන් සිව් දෙනෙකුට වරෙන්තු නිකුත් කොට ඉතිරි පිරිසට දඩ නියම කරන ලදී.
අගමැති මාලදිවයිනේ පාර්ලිමේන්තුව අමතයි
මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3) පෙරවරුවේ මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීම සිදු කළේ ය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රු.500/- සිට රු.750/- දක්වා 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සමුගනී
ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවකට ශ්රී ලංකා නාවික හමුදාව සහය වෙයි
නාවික හමුදාව විසින් (සැප්තැම්බර් 01) අළුයම යාපනය, කච්චතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් හතර දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
හිරු ශ්රී ලංකාවට ඉහළින් මුදුන් වෙයි- තැනින් තැන ගිගුරුම් සහිත වැසි
බස්නාහිර,මධ්‍යම,සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
“බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය අද සහ හෙට බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාතන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවණ පරිශ්‍රයේ දී
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන “බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය අගෝස්තු මස 29 සහ 30 දින වල බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාතන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවණ පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ධීවර හා නවික ප්‍රජාව අවධනයෙන් කටයුතු කරන්න- කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
පුත්තලම සිටකොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කුවේට්හි රැඳී සිටි කාන්තාවන් 60 ක් යළි දිවයිනට
කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට පත් වූ කාන්තාවන් 60 ක පිරිසක් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත (22) උදෑසන 6.15ට යළි දිවයිනට පැමිණි බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
ශ්රී ලංකා - කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කෙරේ
ඔරුගොඩවත්ත, වැල්ලම්පිටියේ ඉදිකෙරුණු ශ්‍රී ලංකා - කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.