Editor
වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මත් උවදුරෙන් මතු පරපුර නිදහස් කරන, මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික තරමක අඩුවීමක් අද (28) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සේනා දළඹු ව්‍යාප්තිය පාලනයට හා මර්දනයට කඩිනම් පියවර- විද්වත් අංශවල සහාය ලබා ගන්නා ලෙස උපදෙස්
ශ්‍රී ලංකාවේ බඩඉරිගු වගාවට බරපතල තර්ජනයක් එල්ල කරමින් මේ වනවිට සේනා නැමැති දළඹුවා දිවයිනේ සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
උතුරේ ජනතාවට අඛණ්ඩව සහන සලසන්න- අගමැති කියයි
උතුරේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත තවදුරටත් කඩිනම් සහන අඛණ්ඩව සපයන ලෙසත් ඔවුනට වන්දි ලබාදීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙස මුදල් අමාත්‍යාංශයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.
ඩෙංගු ව්‍යාප්ත වීමේ අවධානමක්- පරිසරය පවිත්‍රව තබාගන්න
ඩෙංගු රෝගය යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාව සැළකිලිමත් විය යුතු බවත් ඒ වෙනුවෙන් පරිසරය පවිත්‍රව තබා ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
ඉන්ධන මිල තවත් පහළට
ඉන්ධන මිල තවත් පහළ දැමෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ ය.
වායුගෝගයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බවසයි.
ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරා පා ගමනක්...
දෙසැම්බර් මස 18 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සුරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා බත්තරමුල්ල, පැලවත්ත පාලම් තුන හන්දියේ සිට කාර්යාංශය දක්වා පා ගමනක් සංවිධානය කරන ලදී.
අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් 23 ඇරඹේ
2018 - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියර ඇගයීම් කටයුතු 2018.12.23 දින සිට 2019.01.01 දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇත.