Editor
ජනපති පිලිපීන රාජ්‍ය සංචාරය අරඹයි - මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වෙයි
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ති්‍රක සබදතා තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් ස`දහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව් දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 15 දින රාත්‍රියේ මැනිලා නුවර නිනෝයි අකිනෝ (Ninoy Aquino ) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.
ජපාන නාවික හමුදා සාමාජිකයින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු වූ අතර, එම නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් අද හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය.
රුපියල් මිලියන 2500 ක් වටිනා නවීන ගිලන් රථ 132 ක් සුව සේවාවට
දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ 132 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 18 දින පස්වරු 2.00 ට කොළඹ, මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි. මෙවැනි ගිලන් රථ 250 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. තව ද ජර්මනියේ බෙන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 100 ක් ද, දිවයින පුරා රෝහල්වලට බෙදාදීමට පියවර ගෙන තිබේ. දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී ඇත. මෙවර බෙදාදීමට නියමිත ෆොර්ඩි වර්ගයේ ගිලන් රථ පළාත් සභා රෝහල් 103 කට ද, මධ්‍යම රජයේ රෝහල් 27 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02 කට ද ලබා දෙයි.
පළාත් කීපයකට මි.මි.100ක තද වැසි
නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සියළුම ශ්‍රී ලාංකිකයින්ට පෙබරවාරි මස සිට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමට සැලසුම්
ශ්‍රී ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
නීල හරිත ආර්ථිකය යටතේ කාබන් බද්ද ලෙස ඉතා සුළු බද්දක් අය කරනුයේ පාරිසරික අවදානම අඩු කිරීමටයි
මෙම වසරේ ජනවාරි මස සිට වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමට රජය තීරණය කර ඇත. නීල හරිත ආර්ථිකය පදනම් කර ගත් රජයේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ පරිසර හිතකාමී පියවරක් ලෙස පාරිසරික අවදානම අඩු කිරීමේ තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද සිට කැඳවයි
2018 වසර සඳහා උසස් පෙළ විභාගයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අද (11) සිට අයදුම්පත් කැඳවන බව විභාග විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පවසයි.
2018 වසරේ කාන්තාවන් විදේශ ගතවීම 31.7% ක් දක්වා පහළට
2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයින් විදේශ ගතවීමේ සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් නොකරන අතර, 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් පහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ඉහළට
සුරක්ෂා රක්ෂණාවරණය 2019 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයේ දී හිමි විය.
පසුගිය වසරේ දී (2018) සුරක්ෂා රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සැළකිල්ලට ගනිමින් රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි 2018/19 වර්ෂය සදහා නව යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම අනුව අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදනු ලැබිණි.
ඒ අනුව 2018/19 වර්ෂයේ දී රෝහල් ගත වීමක දී රු. 200,000 ක් ද රජයේ රෝහලක හෝ රජයේ ආයුර්වේද රෝහලක නොගෙවන වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන අවස්ථාවක දී රු.3,000 ක දෛනික දීමනාවක් ද බාහිර ප්‍රතිකාරවලදී රු. 20,000 ක් ද මාපියන් හෝ භාරකරු වියෝවකදී එක් අයෙකු සඳහා රු. 200,000 ක් ද ශිෂ්‍ය වියෝවකදී අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රු. 150,000 ක් ද පුර්ණ හා සදාකාලීක අබලතා සදහා වාර්ෂිකව රු. 50,000 සිට රු. 200,000 ක් ද අසාධ්‍ය රෝග ආවරණය යටතේ රු. 200,000 ක් ලෙස ද සිසුන්ට සහ මාපියන්ට ප්‍රතිලාභ හිමිවෙයි
2018 වර්ෂයට සාපේක්ෂව 2019 වර්ෂයේ දී ලබාදෙන ප්‍රතිලාභවල වැඩිවීම
රැකවරණ අවස්ථා |
ප්‍රතිලාභය |
|
2018 |
2019 |
|
රෝහල්/ රෝග ප්‍රතිලාභ · නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ (රජයේ/පුද්ගලික) · රජයේ රෝහල් ගතවීම (දිනකට) · බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ |
200,000 1,000 10,000 |
200,000 3,000 20,000 |
අනතුරු ප්‍රතිලාභ · පුර්ණ සදාකාලික ආබාධ සඳහා |
100,000 50,000-100,000 |
200,000 50,000- 200,000 |
වියෝව/ මියයාම · මාපිය වියෝවකදී · ශිෂ්‍ය වියෝවකදී අවමංගල්‍ය සහන |
75,000 100,000 |
200,000(එක් අයෙකු සඳහා) 150,000 |
අසාධ්‍ය රෝග ප්‍රතිලාභ |
- |
200,000 (හෝ ඊට වැඩි) |
නිසි ප්‍රමිතියෙන් යුතු ත්‍රීපෝෂ අඛණ්ඩව
නිසි ප්‍රමිතියෙන් යුත් “ත්‍රීපෝෂ” දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරිම සදහා අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.