
Editor
රථවාහන තදබදයට පිළියමක් ලෙස බේරේවැව මගී ප්‍රවාහන බෝට්ටු සේවය අරඹයි
කොළඹ නගරයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සහ ජනතාවගේ අගනා කාලය ඉතිරිකරමින් මානසික අසහනයකින් තොරව රාජකාරී කටයුතු ආරම්භකිරීමට ඉඩ පහසුකම් සළසමින් රථවාහන තදබදයට පිළියමක් ලෙස බේරේවැව මගී ප්‍රවාහන බෝට්ටු සේවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් අද (22) උදෑසන කොළඹදී ආරම්භ කළේ ය.
‘පාසල් විභාග පිළිතුරුපත් ඇගයීමේ ක්‍රියාවලිය තුළින් කිසිදු විභාග අපේක්ෂකයෙකුට අගතියක් සිදුවන්නේ නැහැ’ - විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක්
2019 වර්ෂයේ පවත්වනු ලබන අ.පො.ස.(උ/පෙළ) විභාගය හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගවල ඇගයීම් කටයුතු පිළිබඳ මේ දිනවල ඇතැම් විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාල මාධ්‍ය තුළ පළ කරනු ලබන විවිධ අදහස් හා ඒ ඇසුරින් සමාජය තුළ ගොඩනැගෙන්නා වූ කතිකාවන් නිවැරදි නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
වසර 96කට පසු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මාධ්‍යයට විවෘත වෙයි
තරුණ තරුණියන් 10,000 කට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ විශේෂ පුහුණුවක්
දිවයිනම ආවරණය වන පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සම්බන්ධයෙන් නැඹුරුවක් දක්වන තරුණ තරුණියන් 10,000 ක් තෝරාගෙන ඔවුන් සඳහා විශේෂිත පුහුණුවක් ලබාදීමට රජය තීරණය කොටගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔප්නැංවීමට “එක්ස්පෝ 2020” ඩුබායි හීදී
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2020 දී “එක්ස්පෝ 2020” ඩුබායි හි පැවැත්වෙන ප්‍රදර්ශනයට සහභාගීවන්නන් සහ අනාගත සහභාගිවන්නන් දැනුවත් කිරීම සඳහා රැස්වීමක් 19 වැනි සඳුදා අපනයන සංවර්ධන මණ්ඩලයේ 3 වැනි මහළ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
කොළඹ කසළ දුම්රිය මඟින් රැගෙන යෑමට හැකිදැයි බලයි
කොළඔ කසළ ප්‍රවාහනයට පිළියමක් ලෙසින් ලබන සෙනසුරාදා දිනයේ දී (24) අත්හදා බැලීමක් ලෙස කුණු කසල අඩංගු ලොරි රථ දෙකක් කොළඔ සිට පෙරියනාගවිල් දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මඟින් ප්‍රවාහනය කිරිමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරි නිලන්ත ප්‍රනාන්දු මහනා ඊයේ (19) අරලිය ගහ මන්දිරයේ දි පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.
2019 ජාතික සම්මාන උළෙල අගෝස්තු 19 වනදා
මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ටයන්ව ජාතික සම්මානයෙන් පුදනු ලබන ජාතික සම්මාන 2019 උළෙල 2019 අගෝස්තු මස 19 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.
වන අලි සංගණනයක් සැප්තැම්බර් 13 හා 14 දිනවල
වන අලි සංගණනයක් සැප්තැම්බර් 13 සිට 14 වෙනිදා දක්වා පැවැත්විමට කටයුතු යොදා ඇති බව වන ජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පිරිස් මහතා රජයේ නිල වෙඩ් අඩවියට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.
ඇසළ පෙරහැර සාර්ථකව නිමකළ බවට වූ සංදේශය ජනපතිට පිළිගැන්වීම අදයි
මහනුවර ඇසල පෙරහර පෞරාණික චාරිත්‍රවලට අනුව සාර්ථකව නිම කළ බව සදහන් පෙරහර සංදේශය දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු අද (15) පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට මහනුවර ජනාධිපති මන්දිරයේදී පිළිගැන්වීමට නියමිතයි.
මයිලිඩ්ඩි ධීවර වරායේ පළමු අදියර නිමකර ජනතා අයිතියට පැවරීම අගමැති ප්‍රධානත්වයෙන්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යාපනය සංචාරයට සමගාමීව මයිලිඩ්ඩි ධීවර වරායේ පළමු අදියර නිමකර ජනතා අයිතියට පත් කිරීම අද (15) සිදු කෙරේ.