Editor

Editor

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර, සුළං වේගය ක්ෂණික පැයට කි.මී 70-80 පමණ ඉහළ යා හැකි බවත් මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කමිටුව ශ්‍රී ලංකාවේ සිය නිරීක්ෂණ කටයුතු පසුගිය 22 දින සිට ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරණය 2019 ට අදාළව මේ වන විට වාර්තා වී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1134ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කීපයක වාන් දොරටු විවෘත කොට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු හා ජනාධිපතිවරණයෙන් පසු සිදුවීම් නිරීක්ෂණය කිරීම සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායමක් දැන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ජනාධිපතිවරණයෙහි තැපැල් ඡුන්ද පත‍්‍රිකා දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාල හරහා තැපැල් කාර්යාල වෙත බෙදා හැරීම අද (18) ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (සැලසුම්) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර් මාසයේ ගතවූ දින 17 ක කාලය ඇතුළත දිවයිනෙන් ඩෙංගු උණ රෝගීන් 3828 දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

සැප්තැම්බර් මස 10 දින සිට ඔක්තෝබර් 10 දින දක්වා ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ පමණක් හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 4322ක්  සිටින  බව පොලීසිය පවසයි.

ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය භාවිත කිරිමට විදෙස් ගත වුවන් ද  එක්වනු ඇතිව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව කීය.

ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වෙනි සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.