Editor
චීන සහ රුසියන් විදේශ අමාත්‍යවරු හා ඇමරිකානු ලේකම්වරියක් හෙට දිවයිනට
චීනය සහ රුසියාවේ විදේශ ඇමතිවරු සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ රාජ්‍ය තානත්‍රික නිලධාරිනියක් දෙදින නිල සංචාරයක් සඳහා හෙට (12) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ සබඳතා අමාත්‍යංශය කියයි.
මහපොළ අරමුදල දෙගුණ කරගැනීමට පියවර
වසර පහ ඇතුළත මහපොළ අරමුදල දෙගුණ කරගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව තොරතුරු සහ සන්නිවේදන ̦ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පෞද්ගලික දත්ත රැකගැනීමට අවධානය යොමු කරන්න - ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික දුරකථන සංවාද මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ඉතා වේගයෙන් ජනතාව අතර හුවමාරු වන බවක් දක්නට ලැබෙන හෙයින් මේ දිනවල පෞද්ගලික දත්ත සුරක්ෂිත කරගැනීමට ක්‍රියාමාර්ග ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දී තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට රජයේ සහන රැසක්
ආර්ථිකය බිඳ වැටීමෙන් පිඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන රැසක් ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි සංවර්ධන බැංකු හා ණය රාජ්‍ය ඇමති,ශෙහාන් සේමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ අද (09) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
මැදපෙරදින වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සුපරික්ෂාකාරි වනලෙස උපදෙස්
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් අරාබියේ වෙසෙන ශ්‍රී ලංකිකයන්ට සුපරික්ෂාකරි වන ලෙස සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය විසින් නිවේදනය කර තිබේ.
එම නිවේදනය මෙසේ ය.
ගල්ෆ් ගැටුම්කාරී තත්ත්වය නිසා කොළඹ - ලන්ඩන් ගුවන් ගමන් මඟ වෙනස් කරයි
පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින උණුසුම් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කොළඹ - ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ.
සුරක්ෂා රක්ෂණ දීමනාව දිගටම ක්‍රියාත්මකයි
රජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන් ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති බව ද,
බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගනී
වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම අත්හිටුවීම ජනවාරි මස 15 වනදා සිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසයි.
2019 වර්ෂයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 175 කට වඩා වැඩි පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
2019 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය බලා සංක්‍රමණය වූ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ සිදු වූ වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ඕස්ට්‍රේලියානු මෙහෙයුම් ස්වෛරී දේශසීමා සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සෝදිසි මෙහෙයුම් වඩාත් ශක්තිමත් කර ඇතැයි නාවික හමුදාව පවසයි.
හපුතලේ ගුවන් අනතුර ගැන විධිමත් පරීක්ෂණ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අද (ජනවාරි 03) දින උදෑසන හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක් වූ අතර ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චල් රාජපක්ෂ මහතා පවසයි.