Editor

Editor

 

ඉන්දියාවේ, මුම්බායි නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සුන්බුන් අතර සිරවී සිටි කුඩා දරුවෙකු ඇතුළු 31 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම 25 දෙනෙකු පමණ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටිනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මේ වන විට 40 දෙනෙකුගෙන් පමණ සමන්විත සහන කණඩායමක් සුන්බුන් අතරේ සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීමට මෙහෙයුම් දියත් කර ඇත.

වසර 40 ක් පමණ පැරණි මෙම ගොඩනැගිල්ලේ පවුල් 20ක් පමණ ජිවත්ව සිට ඇති බවයි පැවසෙන්න

කොව්ඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදුකිරිමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය දේපළක් ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉකුත් ආණ්ඩුව සමයේ එළැඹි ගිවිසුමක් හේතුවෙන් එහි කටයුතුවලට ඉන්දියාව සහ ජපානයද මැදිහත්වනු ඇති බවටයි ඉකුත් සමයේ දැඩි ලෙස කතාබහට ලක් වුණේ.

කෙසේවෙතත් නැගෙනහිර පර්යන්තය කිසිදු බාහිර පාර්ශ්වයකට ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර  කියාසිටියා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් කඩිනමින් එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


 

 

චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට ට‍්‍රම්ප් පරිපාලනය ගෙන ඇති තීරණයට අමෙරිකානු අධිකරණයත් සිය විරෝධය පළ කර තිබෙනවා.

අමෙරිකානු මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු ලෝරල් බිලර් පවසා ඇත්තේ මෙම තහනම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතු කරන බවයි.

නිදහසේ අදහස් පළ කිරීමට එමගින් බාධාවක් සිදුවන බවයි විනිසුරුවරයා අවධාරණය කර ඇත්තේ.

කෙසේවෙතත් ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ වී චැට් සමාජ මාධ්‍ය යෙදුම එරට වේලාවෙන් ඉරිදා මධ්‍යම රාති‍්‍රයේ සිට තහනම් කරන බවයි. 

එම තහනමත් සමග අමෙරිකානුවන් හට ටික් ටොක් හා වී චැට් යෙදුම් බාගත කිරීමට හෙවත් ඩවුන්ලෝ්ඞ් කිරීම නොහැකි වන අතර ඒවා හරහා පණිවිඩ යැවීම සහ වීඩියෝ බෙදාගැනීමට ද නොහැකි වනවා. ටික් ටොක් තහනම කි‍්‍රයාත්මක වන්නේ එළඹෙන නොවැම්බර් 12 වැනිදා සිටයි.

ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ ටික් ටොක් සහ වී චැට්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. කෙසේවෙතත් මෙම සියලූ චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. 

බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්- ධීවර රැකියාවේ නිරතවූවන්ට ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට උපදෙස්

අධ්‍යාපන අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව ගනු ලැබූ තීරණයක් අනුව, කොව්ඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණු පෙරදැරිව පාසල් ක්‍රිඩා හා ක්‍රීඩා වැඩසටහන් පැවැත්වීමට අදාළ ව විශේෂ උපදෙස් මාලාවක් හඳුන්වා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ජන්මදිනය සිහිකරනු වස් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන්ම සමරු උත්සවය අද දින (17) පෙරවරු 10 ට කොළඹ 10, මරදාන, විපුලසේන මාවතෙහි අංක 58 දරනමහාබෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

MT New Diamond නෞකාවේ ගින්න පාලනය හා ඒ ආශ්‍රිත  සිදුවීම් වෙනුවෙන්   රුපියල් මිලියන 340 ක මුදලක් ලක් රජයට   ගෙවන ලෙස  නීතිපති එම සමාගමේ නීති අංශයට  දන්වයි.

සම­තු­ලි­තාව සහ සහ­ජී­ව­නය සොබා දහමේ ඇති අපූරු සංසි­ද්ධි­යකි. ගොවි­තැන යනු මෙම පාරි­ස­රික නිය­තීන් අපූ­රු­වට ගළපා ගනි­මින් සිදු කළ යුතු කර්මා­න්ත­යකි. ගොවි­තැන් කට­යු­තු­ව­ලදී ගොවින් මුහුණ දෙන විවිධ පළි­බෝධ හානි ජය ගැනී­මට සොබා දහ­මෙන්ම ලබා දී තිබෙන අසි­රි­මත් ප්‍රති­කාර සොබා­ද­හමේ තුලි­ත­තා­ව පෙන්වන හොඳම සාධ­කයි. ගොවි­තැන ජය ගැනී­මට රසා­ය­නික තෙල් පොහො­රම වුව­මනා යැයි පව­තින මතය පුස්සක් බවට පත් කරන මේ ප්‍රති­කා­ර­වල ශක්තිය බොහෝ දෙනෙක් නොදනිති. කෘමි­නා­ශක වෙනු­වට සොබා දමේ අපූරු නිපැ­යුම් වන ගහ­කොළ පැළෑ­ටි­වල පස් පංගු­වෙන් සකසා ගන්නා ප්‍රති­කා­ර­ව­ලින් මෙම පළි­බෝධ හානි මැඬී­මට ඇති හැකි­යාව ඔබ­ටත් අත්හදා බැලිය හැකියි.

පළි­බෝධ හානි මැඬ­ලීම සඳහා ශාක සාර­යෙන් සකසා ගත හැකි පළි­බෝධ නාශක පරි­ස­ර­යට හිත­කර මෙන්ම ගොවි­යාට මුදල් ද ඉතිරි කර ගත හැකිය. එමෙන්ම අස්වැන්න ආහා­ර­යට ගැනී­මෙන් නිද­න්ගත රෝගා බාධ ව්‍යාප්තිය අවම කිරි­මට සාර්ථක පිළි­ය­මක් ද වෙයි. සෞභා­ග්‍යයේ දැක්ම රජයේ ජාතික වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශය මඟින් ක්‍රියාත්මක කර ඇති ගොවි ප්‍රජාව කාබ­නික කෘෂි­ක­ර්මා­න්ත­යට නැඹුරු කිරිමේ එක් උත්සා­හ­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස ඇහැ­ටු­වැව විදාතා සම්පත් මධ්‍ය­ස්ථා­නයේ විද්‍යා හා තාක්ෂණ නිල­ධාරි හේමන්ත වන්නි­නා­යක මහ­තාගේ සංවි­ධා­න­යෙන් ආණ­ම­ඩුව කොට­වෙ­හෙර විදාතා සම්පත් නිල­ධාරි එන්.පී.පී සුනෙත් මහ­තාගේ සම්පත් දාය­ක­ත්ව­යෙන් පැවති වැඩ­මු­ළු­ව­කින් ගොවි ප්‍රජ­වට දුන් මේ දැනුම ඔබ­ටත් ඔබේ ගෙව­ත්තට වගා බිමට රැගෙන යන්න පුළු­වන්.

පණු හානි­යට

කොහොඹ කොළ හා කරඳ කොළ අමු ගොම දියර සමඟ මිශ්‍ර කර දින 14ක් පල් කර තබා ඉසින්න.

කෘමි හානි­යට

• සුදු ලූනු ග්රෑම් 100ක් සහ සබන් ග්රෑම් 10ක් සිහින්ව අඹරා ජලය ලීටර් ½ක ට මිශ්‍ර කර පැය 24ක් තබා එම මිශ්‍ර­ණ­යට ජලය ලීටර් ½ක් නැවත එකතු කර වගා­වට ඉසීම යෝග්‍ය­යයි.

• සුදු­ ලූනු ග්රෑම් 50ක් සිහින්ව අඹරා වතුර ලීටර් 1කට මිශ්‍ර කර ඉසින්න

කුඩි­ත්තන්ට සහ කොළ හකු­ළන දළ­ඹු­වන්ට

සුදු ­ලූනු ග්රෑම් 100ක් අඹරා භූමි­තෙල් තේ හැදි දෙක­කට කල­වම් කර ජලය ලීටර් 1ක් හා සබන් ග්රෑම් 50කට මිශ්‍ර කර පැය 24ක් තබා පෙරන්න. ඉන් පසු හතර ගුණ­යක් තනුක කර ඕනෑම වගා­ව­කට ඉසිය හැකිය.

කූඹීන්, වේයන් සහ නයි කූඹීන්ට

අනෝදා ඇට පතක් කොටා අඹරා ජලය ලීටර් 1කට දිය කර පෙරා ගත් දිය­රය ඉසින්න.

කුඩි­ත්තන්, පැළ කීඩෑ­වන්, සුදු මැස්සන්ට

වතුර ලීටර් 2කට අනෝදා කොළ ග්රෑම් 500ක් එක් කර ළිපක තබා රත් කරන්න. ඉන් පසු ජලය ලිටර් ½ක් දක්වා හිඳෙන්න හරින්න. පසුව පෙරා එයට ජලය ලීටර් 2ක් දමා මිශ්‍ර කර වගා­වට ඉසින්න.

ඉල් මැස්සන්, කොළ කන දළ­ඹු­වන් සහ ගෙඩි විඳින පණු­වන්ට -

තෝර මුල් ග්රෑම් 50ක් ගෙන සබන් ග්රෑම් 10ක් සමඟ කොටා ගෙන එයට ජලය ලීටර් 1ක් දමා හොඳින් දිය කර ගන්න. ඉන් පසු හානි කර ඇති පත්‍ර­වල උඩ සහ යටට හොඳින් ඉසින්න.

ඉල් මැස්සාට තවත් ප්‍රති­කා­ර­යක්

• කල­වැල් යුෂ ඉතා ස්වල්ප ප්‍රමා­ණ­යක් පැණි හෝ සීනි ද්‍රාව­ණ­ය­කට මිශ්‍ර කර එයින් රෙදි කැබලි පොඟවා පන්ද­ලමේ තැනින් තැන එල්ලන්න.

• අමු ඉඟුරු සහ සුදු ­ලූනු කොටා එම යුෂ මේස හැඳි 5කට ජලය ලීටර් 1ක් මිශ්‍ර කර ඉසින්න.

සොල­නේසි කුලයේ කොළ හැකි­ළෙන රෝග­යට

ගඳ­පාන, ගන්සූ­රියා සහ ඇල්බී­සියා කිලෝ­ග්රෑම් 1 බැගින් ගෙන අමු ගොම කිලෝ­ග­රෑම් 1කට මිශ්‍ර කර ගෝණි­ය­කට දමා කට ගැට ගසා එම ගෝණිය ලොකු බැර­ල­ය­කට දමා ඒ මත ලොකු ගලක් තබා ජලය ලීටර් 20ක් දමා දින 21ක ට පසු එම දිය­ර­යෙන් ලීටර් 1කට ජලය ලීටර් 3ක් මිශ්‍ර කර ඉසින්න.

මයි­ටා­වන්ට සහ පැළ මැක්කන්ට

මැටි භාජ­න­ය­කට ජලය ලීටර් 1ක් දමා හොඳි­න් උණු කර ගන්න. එයට පොඩි කර ගත් රතු ලූනු කිලෝ­ග්රූම් 1ක් දමා රෙදි කඩ­කින් කට ගැට ගසා පැය 24ක් තබා පෙරා ගන්න. පෙරා ගත් දිය­ර­යට ජලය ලීටර් 10කට මිශ්‍ර ­කර ඉසින්න.

අඹ­න්පොළ විශේෂ - සකු­න්තලා ජය­සිංහ


අන්තර්ජාතික ඕසෝන් දිනය අදට යෙදී තිබේ.
'ජීවය සඳහා ඕසෝන්' මෙවර අන්තර්ජාතික ඕසෝන් දින සැමරු‍ෙමහි තේමා පාඨයයි.
ඉකුත් 2019 ජුනි මාසයේදී අධික උෂ්ණත්වය දරාගැනීමට අසීරු වීම හේතුවෙන් ප්‍රංශයේ පාසල් 4000 ක් තාවකාලිකව වසා දැමීමට සිදුවිය.
දෙමසක් තුළ රුසියාවේ ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 17 ක් විනාශ වූ අතර ඇලස්කාවේ අක්කර මිලියන 2.4 ක් ගින්නෙන් දැවිණි. පසුගිය දිනවල ඇමසන් වනයේ ඇතිවූ දහස් සංඛ්‍යාත ලැව්ගිනිවලට හේතුව ද දේශගුණික විපර්යාසයන්ය.

‘ජාත්‍යන්තර ඕසෝන් දිනය‘ සැප්තැම්බර් 16 වැනිදාට යෙදිණි, මෙවර තේමාව වූයේ ‘සුවපත් කිරීමේ වසර 32 ක්‘ යන්නය.
‘මොන්ට්‍රියල් ප්‍රඥප්තිය‘ යටතේ ‍ඕසෝන් වියන සුරැකීමට මෙන්ම දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දරන ලද ප්‍රයත්නය ඉන් අරුත්ගැන්වේ. එමෙන්ම නිරෝගී මිනිසුන් සහ නීරෝගී මිහිතලයක් පිළිබඳ අවශ්‍යතාව ලෝකයට සිහිපත් කිරීම ද ඉන් අරමුණු කෙරේ. මෙවර ඕසෝන් දිනය සැමරුවේ ‘දේශගුණික විපර්යාස‘ යනු හුදු මාතෘකාවක් නොව එහි ඵල විපාක ලෝකය අත්විඳිමින් සිටියදීය. ගෝලීය උණුසුමෙන් ඔබ්බට ගොස් මිහිතලය දැවෙමින් තිබීම ගැන කතා කරන්නට අද ලෝකයට සිදුව තිබේ.

දැවෙන මිහිතලය සිසිල් කරන්නේ කෙසේද යන්න ලෝකය ඉදිරිපිට ඇති දැවැන්ත අභියෝගයකි. එය ජයගැනීමට දරන ප්‍රයත්නයේදී ඕසෝන් වියන රැකගැනීම ද ඉහළින් ම ඇත.

මොන්ට්‍රියල් ප්‍රඥප්තියට අත්සන් තැබීම සිදුවූයේ 1987 සැප්තැම්බර් 16 වැනිදාය. එවක් පටන් එක්සත් ජාතීන්ගේ 49/114 යෝජනා සම්මතය යටතේ සෑම වර්ෂයකම සැප්තැම්බර් 16 වැනිදා දිනය ‘ජාත්‍යන්තර ඕසෝන් දිනය‘ ලෙස නම් කර සැමරීම සිදුවේ.

සූර්යයාගෙන් නිකුත්වන අහිතකර පාරජම්බූල විකිරණ මිහිතලයට පතිතවීම වැළැක්වීම සිදුවන්නේ ඕසෝන් වායු ස්ථරය මඟිනි. කුඩයක් අව්-වැසිවලින් අපට ආරක්ෂාව සපයන්නා මෙන් එම ස්ථරය වියනක් ලෙස ක්‍රියාකර මිහිතලය රැක ගනී. එසේ වුවද නොයෙක් නිෂ්පාදන ද ඇතුළුව මිනිස් ක්‍රියාකාරකම් හේතු‍ෙවන් වායුගෝලයට නිදහස් වන ක්ලෝරොෆ්ලොරෝන්කාබන් (CFC) හා හයිඩ්‍රෝෆ්ලුමොකාබන් (HFC) එම වියනට හානිකළ අතර ඕසෝන් වියන සිදුරුවීම යන්නෙන් අදහස් වන්නේ එම විනාශයයි. එම සිදුර පුළුල්වීමට වළක්වා ගැනීමට ගත හැකි විවිධ පියවර හා ක්‍රියාමාර්ග ගතවූ වසර 32 තුළ ගැනිණ. එහිදී මොන්ට්‍රියල් ප්‍රඥප්තියේ පාර්ශ්වකාර රටවල් 2016 ඔක්තෝබර් 15 වැනිදා ඇතිකරගත් ‘කිගාලි සම්මුතිය‘ වඩාත් වැදගත් පියවරකි.

‘ඕසෝන් වියන‘ පිළිබඳ සොයාගැනීම කළේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයකු වන ගෝර්ඩ්න් ඩොබිසන් ය. ඒ, වසර 1957 දීය. වායුගෝලයේදී විනයක් ලෙස රැඳෙමින් මිහිතලය රැකගැනීමට ක්‍රියාකළ ද බිම් මට්ටමේදී ඕසෝන් යනු ප්‍රබල මෙන්ම අනතුරුදායක වායු දූෂකයකි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඕසෝන් වියනට තර්ජන ඇතිවීම අම්ල වැසි ඇතිවීම වැනි බියකරු ප්‍රතිවිපාකවලට හේතුවන බව විද්‍යාඥයෝ අනතුරු අඟවා සිටිති. ශාක ජීවන චක්‍රයට ඇතිවන බලපෑම් ඔස්සේ ආහාර දාමවලට ඇතිවන බලපෑම, සුළං රටා වෙනස්වීම, මිහිතලය උණුසුම් වීම වැනි දෑ ද එහි ප්‍රතිඵල අතර තිබේ.

ඕසෝන් වියනට හානිකරන ක්ලෝරො‍ෆ්ලොරෝන් කාබන් පරිසරයට මුදාහරින හෙයාර් ස්ප්‍රේ, ෆ්රෙෂනර්ස්, සුවඳ විලවුන්, ප්ලාස්ටික් ඇසුරුම් වැනි දෑ භාවිතය අවම කර ගැනීම මෙන්ම ගස් සිටුවීම හා වනාන්තර රැකගැනීම, ගෙවතු වගාවලදී හා වගාබිම්වලදී පරිසර හිතකාමී පොහොර එනම්, කාබනික පොහොර භාවිතය, වාහනවලින් දුම් පිටවීම අවමකර ගැනීම වැනි පියවර ඕසෝන් වියන රැකගැනීම වෙනුවෙන් අපට ගත හැකි පහසු මෙන්ම ඵලදායී ක්‍රියාමාර්ග වේ.

මොන්ට්‍රියල් ප්‍රඥප්තිය මඟින් CFC ඇතුළු ඕ‍සෝන් වියනට අහිතකර වායු හා සංඝටක නිදහස් කරන එවැනි රසායන ද්‍රව්‍ය හා ශීතකරණ, වායුසමීකරණ ආදී උපකරණවල එම දූෂණය 99% කින් වළක්වා ගත යුතු බවට තහංචි පනවා තිබේ. ඉන් බැඳී සිටින රටවල් ඊට එකඟ වී සිටිති.

සාමාජික රටවල් 197 විසින්ම සම්මත කර අපරානුමැතිය ලද එක්සත් ජාතීන්ගේ එකම ප්‍රඥප්තිය ද මොන්ට්‍රියල් ප්‍රඥප්තියය. එය ක්‍රියාත්මක කිරීමේදී සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවත්නා සෑම රටක්ම එකම මට්ටමින් සැලකෙන නමුදු ඒවාට පැවරෙන වගකීම් වෙනස් ය. කෙසේ වුවද, ‍වඩාත්ම වැදගත් වන්නේ සෑම රටක්ම ඉන් බැඳී සිටින අතර නිශ්චිත කාල රාමුවක් තුළ සපුරාලිය යුතු ඉලක්ක ලබා දී තිබීමය. මෙයින් පැහැදිලි වන පරිදි මොන්ට්‍රියල් ප්‍රඥප්තිය යටතේ එළැඹි එකඟතා ප්‍රායෝගිකව සපුරාගැනීම වෙනුවෙන් සමස්ත ලෝකයටම වගකීම පැවරී තිබේ.

මෙවර ජාත්‍යන්තර ඕසෝන් දිනයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මොන්ට්‍රියල් ප්‍රඥප්තිය යටතට ඇතුළත්. 2019 ජනවාරි 1 වැනිදා සිට බලාත්මක වූ කිගාලි සම්මුතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හදවතින්ම සහාය දක්වන ලෙසය. එම ඉලක්ක සපුරා ගැනීමට හැකි වුවහොත් මේ සියවස අවසානය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.4 කින් අඩුකර ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම, ඕසෝන් වියනේ ආරක්ෂාව ද සැලසේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ නැඟීමේ දරුණු ප්‍රතිවිපාකයක් වී ඇත්තේ ධ්‍රැව ප්‍රදේශවල හිම කඳු දියවීමට පටන්ගෙන තිබීමය. ඉකුත් ජූලි මාසයේදී පමණක් ග්‍රීන්ලන්තයේ ග්ලැෂියර ටොන් බිලියන 217 ක් ‍එලෙස දියවී ඇති බවට විද්‍යාඥයන් ගණන් බලා තිබේ. වැඩිම අයිස් ප්‍රමාණයක් දියවී ඇත්තේ ජූලි 31 වැනිදාය. එය ටොන් බිලියන 11 කි. ද්‍රව බවට පත්වන අයිස්, සාගර ජල මට්ටම ඉහළ දැමීමට හේතුවන අතර අනාගතයේදී ඉන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ දැනටමත් අනතුරු අඟවා ඇත. මාලදිවයින වැනි දූපත් රාජ්‍ය ලෝක සිතියමෙන් මැකී යාම වළක්වා ගැනීමට සමස්ත ලෝක ප්‍රජාවටම බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත.

‘වොෂින්ටන් පෝස්ට්‘ වාර්තා කළ පරිදි පසුගිය ජූලි මස වාර්තා වූ මෙම ප්‍රබල ග්ලැෂියර් ඛාදන 2012 වර්ෂයෙන් පසු වාර්තා වූ එවැනි දරුණුම තත්ත්වයය. 2012 දී ග්‍රීන්ලන්තයේ මිදුණු අයිස්වලින් 97% ක් පමණ දියව ගිය බව නිරීක්ෂණය විය. 2019 වර්ෂයේදී මේ දක්වා 56% ක අයිස් ප්‍රමාණයක් දියවී ඇති බවට ගණන් බලා තිබේ. 2012 වසරට වඩා මේ වර්ෂයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ නැඟීම සෙල්සියස් අංශක 15 - 20 අතර ප්‍රමාණයක ඇත. ඉකුත් ජූලි මාසයේදී පමණක් එලෙස දියවූ අයිස් ප්‍රමාණය මුහුදු මට්ටම අඟල් 0.02 කින් ඉහළ දැමීමට තරම් ප්‍රමාණවත් බවට ගණනය කර ඇත.

මෑත භාගයේ වරින්වර අමෙරිකාවේ වෙරළබඩ ප්‍රදේශ ද ඇතුළුව ලොව නොයෙක් තැන්වලින් වාර්තා වූ ගොඩබිම මුහුදු ජලයෙන් යටවීම මේ තත්ත්වය නිසා සිදුවූවකි. ඉකුත් ජුනි මාසය ලොව මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයන් සහිත ජූනි මාසයයි. හිම කඳු දියවීමෙන් නොනැවතී ග්‍රීන්ලන්තයේ ඇතැම් ප්‍රදේශවලින් ගිනි ගැනීම් ගැන පවා වාර්තා විය. මෙවැනි වෙනස්කම් වසර 800,000 ක ඉතිහාසයේ නොසිදුවූ ඒවා බව නිරීක්ෂණය කර තිබේ. වරින්වර හටගන්නා දරුණු සුළි කුණාටුවලට ද මෙම දේශගුණික විපර්යාස බලපා ඇති බව පැහැදිලිය.

ඉකුත් ජූලි මාසයේ අයිස් දියවීම පිළිබඳ තතු එසේ වන විට එම ජූලි මාසය ඉතිහාසයට එක්වූයේ වැඩිම උණුසුමක් සහිත මාසය වශයෙනි. මෙතෙක් වැඩිම උණුසුම් මාසය ලෙස වාර්තා වී තිබුණේ 2016 ජූලි මාසයයි. ඊට වඩා සෙල්සියස් අංශක 0.04 කින් උෂ්ණත්වය වැඩිවීම නිසා ඉකුත් ජූලි මාසය එම වාර්තාව බිඳ දමා තිබේ.

විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි උණුසුම වැඩිම දිනයක්, සතියක් හෝ මාසයක් යනු හදිසි සංසිද්ධියක් නොව කලක් තිස්සේ සිදු වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. මිහිතලය උණුසුම් වීමට වැඩි දායකත්වයක් ලැබී ඇත්තේ මානව ක්‍රියාකාරකම් විසිනි. එම ක්‍රියාකාරකම් වැළැක්වීමෙන් තොරව උණුසුම අවම කළ නොහැකිය.

ඉකුත් ජූලි මාසය අප්‍රිකා මහාද්වීපයට උණුසුම වැඩිම මාසය විය. ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, නෙදර්ලන්තය වැනි රටවල් සිය ඉතිහාසයේ උණුසුම්ම දවස් ගෙවා දැමුවේ ද ජූලි මාසයේදීය. එකී උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් සාගරයේ උෂ්ණත්වය ද ඉහළ ගියේය. විසිවැනි සියවසේ එම සාමාන්‍ය අගයට වඩා සාගරය ෆැරන්හයිට් අංශක 1.5 කින් වැඩිවිණි.

ඉකුත් ජූලි මාසය එක දිගට වැඩි උෂ්ණත්ව අගයක් සලකුණු කළ 43 වැනි ජූලි මාසයයි. එමෙන්ම වැඩි උෂ්ණත්ව අගයක් දැක්වූ 415 වැනි මාසයයි. මෙය දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයකි.

ඉකුත් ජුනි මාසයේදී අධික උෂ්ණත්වය දරාගැනීමට අසීරු වීම හේතුවෙන් ප්‍රංශයේ පාසල් 4000 ක් තාවකාලිකව වසා දැමීමට සිදුවිය. දෙමසක් තුළ රුසියාවේ ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 17 ක් විනාශ වූ අතර ඇලස්කාවේ අක්කර මිලියන 2.4 ක් ගින්නෙන් දැවිණි. පසුගිය දිනවල ඇමසන් වනයේ ඇතිවූ දහස් සංඛ්‍යාත ලැව්ගිනිවලට හේතුව ද දේශගුණික විපර්යාසයන්ය. දේශගුණික විපර්යාසයන් ඇතිවීමට හේතුව වනාන්තර විනාශය ද ඇතුළුව මිනිස් ක්‍රියාකාරකම් බව ඇමසන් ඛේදවාචකයෙන් ද සනාථ වේ.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා වන ක්‍රියාකාරී සමුළුවට ලෝක ජාතීන් ඉදිරි සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයට රැස්වනු ඇත. මෙවර ඕසෝන් දිනය වෙනුවෙන් එ. ජා. මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් නිකුත් කළ පණිවුඩය මඟින් අවධාරණය කෙරුණේ මොන්ට්‍රියල් ප්‍රඥප්තිය යනු ගෝලීය අභියෝගයන් ජය ගැනීම සඳහා මනුෂ්‍ය වර්ගයාට ඇති හැකියාව දක්වන උත්තේජනාත්මක නිදසුනක් මෙන්ම වර්තමානයේ උද්ගතව ඇති දේශගුණික අර්බුද කළමනාකරණය පිළිබඳ ප්‍රධාන මෙවලමක් ද වන බවයි. නොපමාව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව එමඟින් මහලේකම්වරයා පෙන්වා දී තිබිණි.

රටවල් 81 ක් අපරානුමැතිය ලබා දී ඇති කිගාලි සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ද ඉන් පෙන්වා දී ඇත. ධරණීය සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට නම් ඕසෝන් වියනේ යහපැවැත්ම තහවුරු කිරීම මෙන්ම හිතකර දේශගුණික තත්ත්ව පවත්වාගත යුතුය. තවත් දින කිහිපයකින් පැවැත්වෙන දෙශගුණික සමුළුව මේ අවශ්‍යතා තේරුම් ගන්නා මෙන්ම ඉලක්ක සපුරාගැනීම වෙත යොමු වූ හමුවක් වනු ඇත යන්න මහලේකම්වරයාගේ අපේක්ෂාවයි. මේ අභියෝගය තනි රටකට ජයගත නොහැකිය. ඒ සඳහා මුළුමහත් මිනිස් සංහතිය එක්ව නැඟී සිටිය යුතුය.

දිණමිණ උපුටා ගැනීමකි- ධම්මික සෙනෙවිරත්න