වර්ජනය වෙනුවට සමථකරණය
වැඩ වර්ජන ගැන රට පුරා පුලූල් අවධානයක් යොමු වී ඇත. නිතිපතා වර්ජන සිද්ධි වාර්තාවෙයි. වැඩ වර්ජනය කරන පිරිස තම අතියිවාසිකම් ඉල්ලා බල කරති. ඉල්ලන දේ වලින් දෙන්නට හැකි සීමාවක් තිබේ. ඉල්ලීම් දෙන තුරු වැඩ වර්ජනය කරන පිරිස කරන තර්ජනයෙන් විපතට පත් වන්නේ සාමාන්‍ය ජනතාව බව සදහන් කළ යුතුය. නොබෝදා දුම්රිය වැඩ වර්ජනය කළේය. එයට කලින් විදුලිය බල මණ්ඩලයේ සේවකයක්ය. වෛද්‍ය ක්ෂේත‍්‍රය ද වර්ජනය කළේය. වර්ජනය කරන අවස්තා වල දී අත්‍යාවශ්‍ය සේවා බිඳ වැටෙන අතර එය ආර්ථික සහ සමාජ ප‍්‍රශ්න ඇති කරයි.
රෝහල් 33 ක දැඩිසත්කාර ඒකක සහ ශල්‍යාගාර වැඩිදියුණු කිරීමට විදේශ ආයෝජන
ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල් 33 ක ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක වැඩිදියුණු කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පසුගියදා සිදු කෙරිණි.
අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි
අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දුම්රිය මඟී සේවය අඩාල කරන්න එපා - නැති නම් දැඩි ක්‍රියාමාර්ග - ප්‍රවාහන අමාත්‍ය
දුම්රිය මඟී සේවාව අඩාල නොකරන ලෙසත් එසේ නොමැති වුවහොත් දුම්රිය මඟී සේවාව පවත්වාගැනීමට දැඩි පියවර ගැනීමට සිදු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක්
අද දිනයේ දී දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.