'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන් අද පොළොන්නරුවේදී
ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම හා ඔවුන්ගේ කායික සහ මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ති‍්‍රක් සමුළුව අද (10) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
නගරබද වැඩිහිටි ජනගහනයෙන් 50%කට පූර්ව දියවැඩියාව
ශ්‍රී ලංකාවේ නගරබඳ ජීවත්වන වැඩිහිටි ජනගහනයෙන් 50%ක් පමණ පුර්ව දියවැඩියාවෙන් පෙළෙන බව මැතකදී සිදුකල සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි.
හෙට අනිද්දා පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි දිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණයට පෙර හෙට (10) සහ 11 යන දෙදින පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇත.
නෙවෙස්කා ලේඩි දිවයිනට - තෙල් බෙදාහැරීම පස්වරුවේ සිට
ශ්‍රී ලංකාව වෙත ඉන්ධන රැගෙන එන නෙවෙස්කා ලේඩි නෞකාව මුතුරාජවෙල වෙත පැමිණ ඇති අතර මේ වන විට එම නෞකාවේ ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ආර්ථික අභියෝග ජයගන්නා- අයවැය කතාව අදයි
මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018 ඉදිරිපත් කිරීමට නියමිතය.