පාර්ලිමේන්තු සම්ප්‍රදායට වසර 70යි...! අභිමානවත් විශේෂ සභාව අදයි
ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
සහන මිලට පොල් බෙදාහැරීම ඇරඹේ
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපදෙස් මත පොල් වගා කිරීමේ මණ්ඩලය මෙහෙයවන සහන මිලට පොල් බෙදාහැරීමේ දීප ව්‍යෘප්ත වැඩසටහනේ සමාරම්භය අද (02) පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ විය.
නව අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙක් පත් කෙරේ
මාත්‍යාංශ 04 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කටයුතු කර තිබේ.
ජාතික සාහිත්‍ය කලා මහෝත්ස්වය 2017 අද සිට
ජාතික සාහිත්‍ය කලා මහෝත්ස්වය 2017 වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්වේ. සාහිත්‍ය කලා මහෝත්සවය අද සිට හෙට(30), අනිද්දා (01) දක්වා තෙදිනක් පුරා පෙ.ව.10.00 සිට ප.ව.10.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.
රාජ්‍ය පරිපාලන විභාගයේ ප්‍රශ්න පත්‍රයක් නැවත පැවැත්වීමේ තීරණයක්
රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය අවලංගුකොට නැවත ඒ සඳහා විභාගයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ පුෂ්පකුමාර මහතාට නියෝග කර ඇත.