කොළඹ මහ නගර සභාවෙන් වෘත්තීය පුහුණු පාඨමාලා
කොළඹ මහ නගර සභාවේ මහජන අධාර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පවත්වන වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා 2018 වර්ෂය වෙනුවෙන් නවක සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ. පාසල් අධ්‍යාපනය නිම කළ වයස අවුරුදු 18-30 අතර තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැක. පාඨමාලා සඳහා සහභාගී වන තරුණ තරුණියන්ට දෛනික දීමනාවක් ලබා දෙයි.
අ.පො.ස (සා/පෙළ) සිසුන් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාව 25 දා
2017 වසරේ අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, මෙතෙක් හැඳුනුම්පත් ලබා නොමැති පාසල් සිසුන් සඳහා හැඳුනුම්පත් කඩිනමින් ලබා දීමේ විශේෂ වැඩසටහන් ලබන 25 දා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුවේ දී පැවැත්වේ.
පොල් වගාකිරීමේ මණ්ඩලයෙන් පොල්ගෙඩි ලක්ෂ 36ක් සහන මිලට
වෙළෙඳ පොළේ පොල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ යටතේ ඇති පොල් වගා කිරීමේ මණ්ඩය මඟින් අරබා ඇති පොල් සහන මිලට බෙදාදීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට පොල්ගෙඩි 36,5024ක් බෙදාදෙනු ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
විකල්ප ළමා රැකවරණ ක්‍රම පිළිබඳ විශේෂ අවධානයක්
ළමයින් ළමා නිවාස ගත නොකොට කැපකරු මාපිය ක්‍රමය යටතේ රැකබලාගැනීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ වඩා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමුව තිබෙන බවත් ළමා නිවාස සංකල්පය, යටත් විජිත සමය තුළ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නද එය වර්තමානය වන විට බ්‍රිතාන්‍යයේ වත් ක්‍රියාත්මක නොවන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
බොහෝ පළාත්වලට සවස 2.00න් පසු වැසි
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන් ම උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ද තැනින් තැන උදය කාලයේ දී ද වැසි ඇති විය හැකිය.