කොරියාවේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිතුමා දිවයිනෙන් පිටත්ව යයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ තුන් දින නිල සංචාරයක් සඳහා අද (27) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
පළාත් පාලන මැතිවරණය ජනවාරි - අගමැති
කලින් එකඟ වූ පරිදි ජනවාරි මස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත්, ඉන් අනතුරුව, කල් දැමූ පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වීමටත් අදහස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.
තවදුරටත් වැසි පවති
දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා කැඳවීම හෙට සිට
පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීම හෙට (27) සිට සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇත.
කඩිනමින් මැතිවරණය පවත්වන්න- එජාප පසුපෙළ මන්ත්‍රීවරු කියති
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසී ය.පළාත් පාලන මැතිවරණය නැවත පැවැත්වෙන දිය පිළිබඳව ගැටළුවක් මතු වී තිබෙන බවත් එය ජනතාවටත් ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පැවසී ය.