පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 17 වෙනිදාට පෙර
මෙවර පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 04 දිනට පසු හා පෙබරවාරි 17 වෙනිදාට පෙර පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. මේ වන විට නාමයෝජනා ඉදිරිපත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් නාමයෝජනා භාර ගැනීම අදියර දෙකක් යටතේ සිදුවුවත් ඡන්දය ප්‍රකාශ කිරීම එක් දිනයක පවත්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුට ලක්ෂ 10ක වන්දියක්
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි මුදලක් රජය පිරිනමන බවත් ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂය බැගින් දැනටමත් ලබාදී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
හදිසි ආපදාවකදී ඇමතීමට ක්ෂණික දුරකතන අංකයක්
ආපදාවක් සිදුවුවහොත් කඩිනමින් ඒ පිළිබඳ දැනුම් දීමට ස්වදේශ කටයතු අමාත්‍යාංශය විසින් 1902 හදිසි ඇමතුම් අංකය ලබා දී ඇත. මෙම අංකයට ඇමතීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට තම ආපදාව පිළිබඳ තොරතුරු ලබාදීමට හැකියාව ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කරයි.
ආපදා තත්ත්වයෙන් නිවාස 4752කට හානි
ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 84ක් විපතට පත්ව ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. එමෙන් ම නිවාස 4,493 ට අර්ධ හානි සිදුව ඇති අතර පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 259 කි . ව්‍යාපාරික ස්ථාන හතරක් හා වෙනත් දේපළ හානි අටක් ද වාර්තා වී තිබේ.
නිල්වලා පහල නිම්නයේ ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකියි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
දැනට පවතින වර්ෂාපතනය අනුව නිල්වලා පහල නිම්නයේ හා කිරම ආර අවට ගංවතුර තත්ත්වය මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ හා කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.