මැතිවරණයට ආරක්ෂක අංශ සූදානමින්
ඡන්දය විමසීම් දිනයේදී ඡන්ද ගණන්කිරීමේදී හා ඡන්දය විමසීම් දිනයට පසුව ද ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා පොලීසිය අවස්ථාවෝචිතව ත්‍රිවිධ හමුදාව ද ක්‍රියා කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌවට වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඡන්දය දා සුරාසැල් වැසේ
හෙට දින (10) පැවැත්වීමට නියමිත පළත් පලන මැතිවරණය හේතුවෙන් දිවයිනපුරා පිහිටි සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.
එකම එක කතිරයක් පමණක් යොදන්න
ඡන්ද පොළේදී එක් එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන් බවත් මෙම ඡන්ද පත්‍රිකාවල සඳහන් වන්නේ ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නම් ඒවායේ ඡන්ද ලකුණු පමණක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඡන්ද විමසීම් රාජකාරි සඳහා සියලුම නිලධාරීන්,සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍යයි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් රාජකාරි සඳහා පත් කර තිබෙන සියලුම නිලධාරීන්,සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.