කෘතීම වැසි ලබාගැනීමේ ජාත්‍යන්තර වැඩමුළුව හෙට
විදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර වැඩමුළුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වේ.
උඩවලව ඇත් අතුරු සෙවණට 172,874ක සංචාරක පිරිසක්
පසුගිය 2017 වසරේ දී උඩවළව ඇත් අතුරු සෙවණ වෙත සංචාරකයින් 172,874ක පිරිසක් පැමිණ ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව සංචාරක පැමිණීම හරහා උඩවළව ඇත්අතුරු සෙවණ රුපියල් මිලියන 32.42ක ආදායමක් ද උපයාගෙන ඇත.
පළාත් කීපයක වැසි ඇතිවීමේ හැකියාවක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.
කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ
කැලණිවැලි දුම්රිය මාර්ගය ලබන 16දා රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව මෙම මාර්ගය සෙනසුරාදා සහ ඉදිරිදා යන දෙදින තුළ සියලු ම දුම්රිය ගමන් සිදු නොකෙරෙනු ඇත.
අධිවේගී මාර්ගයේ අද සිට නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මකයි
අධිවේගී මාර්ගය තුළ වේග සීමා උල්ලංඝනය කරනු ලබන වාහන වේග සීමා නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කළ නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය අද (14) සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත.