දිවයිනපුරා රුධිර කාන්දුකරණ යන්ත්‍ර 1000 ස්ථාපිත කෙරේ
රෝගී තදබදය අවම කිරීම සදහා මෙම වසර අවසන් වනවිට රුධිර කාන්දුකරණ යන්ත්‍ර 1000 ක් දිවයින පුරා ස්ථාපිත කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයට පළමු දිනයේදී අයදුම්පත්‍ර 3931ක් නිකුත් කරයි
පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කළ පසුගිය 26 දින දිවයින පුරා මධ්‍යස්ථාන 18කදී අයදුම්පත් 3931 ක් නිකුත් කිරීම සිදු කළ බව ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශය පවසයි.
මහජන සුරක්ෂිත මධ්‍යස්ථානය ජනගත කරයි
ගාල්ල, උඩුගම ශ්‍රී මහා බෝධිරාජ විහාරස්ථානයේ මහජන සුරක්ෂිත මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.
තද වැසි,මුහුණ රළු වෙයි, ධීවර හා නාවික කටයුතු විමසිල්ලෙන්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනට දකුණු සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි
දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.