මහපොළ හෝ ශිෂ්‍යාධාර ගෙවීම කිසි ලෙසකින් කප්පාදු කර නැහැ-
මහපොළ හෝ ශිෂ්‍යාධාර (Mahapola /Student Bursaries) සඳහා සුදුසුකම් සපුරා ඇති කිසිදු ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට හිමි මහපොළ හෝ ශිෂ්‍යාධාර ගෙවීම් කිසිදු ලෙසකට කප්පාදු කර නොමැති බව&ඣුඔට්; විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා නිවේදනයක් මගින් කියා සිටියි.
වැසි තත්ත්වයේ තරමක අඩුවීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (5) සිට මාර්තු 08 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ළමා අපයෝජන පැමිණිලි භාරගන්නා 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය තවත් ශක්තිමත් කරයි
ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගැනීමට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති කඩිනම් යාන්ත්‍රණය වන ළමා දුරකථන සේවය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.
කොරියානු විභාගයට අයදුම්පත් නිකුත් කිරීම අදින් අවසන්
කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (02) න් අවසන් වේ. අයදුම්පත් නිකුත් කිරීම පසුගිය 26දා ආරම්භ විය.
මිලිමීටර 100ක තද වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල මි.මි 100 පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.