75%ක් මරණවලට හේතුව බෝ නොවන රෝගයි - මහාචාර්ය පූජිත වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 75%කට පමණ හේතුව වී ඇත්තේ බෝ නොවන රෝග බවත් 11%ක් පමණ බෝ වන රෝග මෙන් ම 14%ක් හදිසි අනතුරු හේතුවෙන් මරණයන් සිදුවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පවසයි.
දරුවාගේ පළමු ප්‍රතිශක්තිකරණය මව්කිරයි - විශේෂඥ වෛද්‍ය යූ.ඩි.පී. රත්නසිරි
දරුවෙකුගේ පෝෂණය හා පළමු ප්‍රතිශක්තිකරණය මව්කිරි බවත් එය දරුවාගේ අයිතිවාසිකමක් මෙන් ම දරුවාගේ එම අයිතිවාසිකම සැපිරීම මවගේ මෙන් ම පවුලේ සෙසු පුද්ගලයින්ගේ යුතුකමක් බවත් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ.ඩි.පී. රත්නසිරි මහතා පැවසීය.
වාර විභාග ප්‍රතිඵල පාසල් නිවාඩුවට පෙර ලබාදෙන්න- අධ්‍යාපන ලේකම්
වාර විභාග පැවැත්වීමෙන් අනතුරුව අදාළ පාසල්වාරය අවසන් කිරීමට ප්‍රථම එම ප්‍රතිඵල ලබා දෙන ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සියලුම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හරහා මේ වනවිටත් උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 355,326ක්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.
උ/පෙළ විභාග මධ්‍යස්ථාන 2,286කදී ලබන 6 දා ආරම්භ වෙයි
මෙවර අ.පො.ස. (උ/පෙළ) විභාගය ලබන 06 වැනි දින සිට සැප්තැම්බර් 01 වැනි දින දක්වා පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග කොමසාරිස් ජනරල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.