දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අදත්
දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අද(16) දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තහනම් පොලිතීන් සොයා දිනපතා වැටලීම් ක්‍රියාත්මකයි
පරිසරයට හානිකර පොලිතින් නිෂ්පාදනය,අලෙවිය හා භාවිතය සම්බන්ධයෙන් වැටලිම් දිනපතා ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (විමර්ශන) එන්.එස් ගමගේ මහතා පවසයි.
වැසි තත්ත්වයේ සහ සුළඟේ වේගය වැඩිවීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බවත් දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ත්‍රීවිල් පැදවීමට අදාළව නියෝග කිහිපයක් ගැසට් කෙරේ
පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් (ත්‍රීරෝද) පැදවීමට අදාළව විශේෂ නියෝග කිහිපයක් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
ගම්පහ වාහන තදබදයට විසඳුම් සොයා බැලීමට කමිටුවක්
නගරයට පැමිණෙන වාහන නවතාලීම සඳහා ස්ථාන ප්‍රමාණවත් අයුරින් නොමැති නිසා පැන නැගී ඇති ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගම්පහ නගර සභාව, පොලීසිය, වෙළෙඳ සංගමය ඇතුලු රාජ්‍ය ආයතන රැසක් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ගම්පහ නගර සභා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී වාහන තදබදය අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස කමිටුවක් පත් කිරීමට ද පියවර ගැනිණි.