2019.12.3 දින පාර්ලිමේන්තු රැස්වීමට සියල්ල සූදානම් - මහලේකම්
2019.12.03 දින පාර්ලිමේන්තුව රැස්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා අද (26) රජයේ නිලපුවත් වෙබ් අඩවිය සිදු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් මේ බව සදහන් කරන ලදී.
රුවන්වැලි මහා සෑයෙහි කොත් වහන්සේ නිරාවරණය කිරීම අද
අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි තැන්පත් කරන ලද චූඩා මාණික්‍යය පැළඳ වූ නව කොත් වහන්සේ නිරාවරණය කිරීම අද (26) පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
කටුනායක සහ මස්කට් අතර ඍජු ගුවන් සේවයක්
ඕමානයේ, මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් සේවයක් අද ආරම්භ විය. ඒ, සලාම් එයාර් ගුවන් සේවය විසිනි. එහි පළමු ගුවන් ගමන සිදුකරමින් සලාම් එයාර් ගුවන් සේවයේ ඕ වී 431 යානය අද (25) පෙරවරු 08 ට කටුනායක ගුවන් තොටුපළට ලගා වූ බව වාර්තා වේ. ඒ, මගීන් 86 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 සමන්විතවයි.
යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණි
වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් - ඇතැම් ස්ථාන වලට මි.මී. 100 වැඩි තද වර්ෂාපතනයක්
දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.