ජනපති පළමු නිල විදෙස් සංචාරය අරඹයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයට පත්වීමෙන් අනතුරුව සිදු කරන පළමු නිල සංචාරය සඳහා ඉන්දියාව බලා අද (28) පිටත්වීමට නියමිතය.
තෙවැනි පාසල් වාරය නොවැම්බර් 29 වැනිදායින් අවසන්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2019-11-29 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. තෙවැනි පාසල් වාරය නොවැම්බර් 29 වැනිදායින් අවසන්- ජනවාරි 02 වැනි දා
සවස් කාලයේ වැස්ස සහ සුළගේ වේගය වැඩිවීමක්
ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන්ම අද (27) රාත්‍රී සිට තවදුරටත් වර්ධනය වනු ඇත.
රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරු අද පත් කෙරෙති
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව අන්තර් වාර ආණ්ඩුවේ රාජ්‍ය නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරු අද (27) උදෑසන දිවුරුම් දීමට නියමිතය .
අ.පො.ස සා.පෙළ විභාගය නිසා අද සිට දෙසැම්බර් 12 දක්වා සියලු උපකාරක පන්ති තහනම්
2019 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.