රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් නාට්‍ය 28 අද සිට වේදිකා ගත වේ.
නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රි ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල 2019 සැප්තැම්බර් 20 සිට 28 වන දින දක්වා ප.ව 5.00 සිට මරදාන,ටවර්හෝල් රඟහලේදි පැවැත්වේ.
ජනාධිපතිවරණය නොවැම්බර් 16
දිස්ත්‍රික්ක හතරකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව, රත්නපුර (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප), නුවරඑළිය (අඹගමුව කොරළේ), කෑගල්ල (වරකාපොළ, දෙහිඕවිට කලාප) සහ කළුතර (මතුගම, බුලත්සිංහල කලාප) යන දිස්ත්‍රික්ක වල නායයාම් අවදානම් ප්‍රදේශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.
තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දිනය සැප්තැම්බර් 28 දා. ඒ නිමිත්තෙන් තොරතුරු මාසයක් ප්‍රකාශයට පත් කෙරේ.
සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමී ව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් 2019 සැප්තැම්බර් 15 දින සිට ඔක්තෝම්බර් 15 වැනි දින දක්වා කාලය "තොරතුරු මාසය" ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
පවතින අයහපත් කාලගුණික තත්වය නිසා ඩෙංගු උවදුර ශීඝ්‍රයෙන් වර්ධනය වීම ලකුණු
පවතින අයහපත් කාලගුණික තත්වයන් නිසා ඩෙංගු උවදුර ශීඝ්‍රයෙන් වර්ධනය වීම සලකුණු කරමින් ඩෙංගු රෝගීන් හතලිස් හයදහස් අටසිය අනූහය දෙනෙකු මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඊයේ (17) දිනය දක්වා වූ කාලය තුළ සොයාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කරයි.