නත්තල් නිවාඩුව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවාවක්
පාසල් නිවාඩු හා එළඹෙන නත්තල් නිවාඩුව සැළකිල්ලට ගෙන ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් මස ( දෙසැම්බර් 24,27,29) යන තෙදින තුළ පැය 19.35 කොළඔ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ධාවනය කිරීමට කටයුතු සළසා ඇත.
අදාළ නියමයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර
අදාළ නියමයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සහල් පාලන මිල යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් රජයේ නිලපුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.පී. විජේසිංහ මහතා පැවසීය.
ජලාශ රැසක වාන් දොරටු විවෘත කරයි - නායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න
කලා ඔය ආශ්‍රිතව වෙසෙන ගම්මාන වල ජනතාව තාවකාලිකව ඉවත්වන්න - මාර්ග අවහිරත්වයන්හි දී විකල්ප මාර්ග භාවිත කරන්න - නායයෑම් නිවේදන පිලිබඳ සැලකිලිමත් වන්න
නත්තල් දා සුරාසල් වැසේ
දෙසැම්බර් 25 වැනි දිනට යෙදී ඇති නත්තල් දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වසා තබන ලෙස නියෝග කොට ඇතැයි සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
අවදානම අවම කර ගැනීම සදහා විමසිලිමත්ව කටයුතු කරන්න
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.