![Editor](https://secure.gravatar.com/avatar/eb4ed6659d9ad079db8fbf635967a0f4?s=100&default=https%3A%2F%2Fsannasa.org%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Editor
නිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් නැංවේ
නිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් නැංවේ. ඒ සදහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රට තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කර ඇත- වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රට තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කර ඇති අතර, පළමුවෙන්ම කොරෝනා වෛරසය ආසාදිත බවට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ චීන ජාතික කාන්තාව හැරුණු විට මේ වන තෙක් කිසිදු කොරෝනා වෛරස ආසාදිත රෝගියකු රට තුළ වාර්තා වී නොමැති බවත් මේ පිළිබඳ කරුණු දක්වන වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ලක්ෂ්මන් ගම්ලත් මහතා සඳහන් කරයි.
කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ
72 වන ජාතික නිදහස් සමරු උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද දින කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.
‘සුරක්ෂිත ජාතියක් - සමෘද්ධිමත් රටක්’ යන තේමාව යටතේ 72 වන නිදහස් දිනය නිදහස් චතුරශ්‍රයේ දී සැමරීමට සියලු කටයුතු සූදානම්
72 වන නිදහස් දින සමරු උළෙල හෙට දිනයේ දී (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇත.
මෙරට සෞඛ්‍ය ව්‍යාපෘති ප්‍රගතිය බැලීමට ලෝක බැංකු ප්‍රධානියෙක් එයි
ලෝක බැංකුවේ ණය සහන මත ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති හැඩිවික් ෂැපර් මහතා අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
බලපත්‍ර හිමි සුරාසැල් වසා තැබිය යුතු දින දැනුම් දෙයි
2020 වර්ෂයේ මත්පැන් විකිණිම සඳහා වූ බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මෙම සතිය තුළ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කිරීමට පියවර
මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ සංචාරය සඳහා විදේශිකයන්ට කිසිදු බියක් හෝ බාධාවක් තවමත් නෑ
කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ සංචාරය සඳහා විදේශිකයන්ට මේ වන තෙක් කිසිදු බියක් හෝ බාධාවක් ඇති කර ගත යුතු නැතැයි ශ්‍රිලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂිකා මධුභාෂිණි පෙරේරා මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය වාර්තාව නිකුත් කිරිමේ online app එක අද සිට ක්‍රියාත්මකයි
අන්තර්ජාලය ඔස්සේ රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය වාර්තාව නිකුත් කිරිමේ දී භාවිතා වන වර්තමාන ක්‍රමවේදය තුළ මහජනතාව දැඩි පීඩාවට පත්විම හේතුවෙන් එම අපහසුතාවය මඟ හරවා ගැනිම සඳහා හඳුන්වාදුන් online app එක අද (27) සිට ක්‍රියාත්මක බව මඟි ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා පැවසිය.
නව කොරෝනා වෛරස් අවධානමෙන් මිදීමට ආරක්ෂිත උපදෙස් පිළිපදිමු- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
චීනයේ සිග්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් පුද්ගලයින් මේ වන විට ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුවූ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.