
Editor
මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩිකිරීමට හා ශිෂ්‍යත්ව අවස්ථා පුළුල් කිරීමට පියවර
උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලිපි නිකුත් කිරීම ආරම්භ වෙයි
උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් වෙත පත් වීම් ලිපි නිකුත් කිරීම ආරම්භ වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සංචාරක සංවර්ධන බද්ධ ගෙවීමට සහන කාලයක්
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතනවලට සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය තවත් මාස 04 කින් දීර්ඝ කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට්
මණ්ඩලයට ඉදිරිපත් කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
හෙළ උරුමයේ සහය සමගි ජන බලවේගයට
ඉදිරි මහ මැතිවරණයේදී එ.ජා.ප. ප්රමුඛ සන්ධානය වන සමගි ජන බලවේගයට සහාය පල කිරිමට ජාතික හෙළඋරුමය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
විදුලි අක්‍රමිකතා නැවැත්වීමට මෙන්ම පහසුකම් රැසක් සහිත පළමු වරට ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වා දෙයි
නිවෙස්වල මෙන්ම විවිධ ආයතන සඳහා විදුලිය ලබා ගැනීමේ දී දැනට භාවිතා කරන විදුලි මීටර්වලින් නොයෙකුත් අක්‍රමිකතා සිදු කළ හැකි වෙනවා මෙන්ම එම මීටර් භාවිතයේ දී ද මනු කියවන්නන් හට ද විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදු සම්බන්ධයෙන් මෙම විදුලි මිටරය හඳුනා දී ඇති අතර එය ශ්‍රී ලාංකික අර්ධ රාජ්‍ය ආයතනයක් වන LECO මඟින් හඳුනා දී තිබේ.
ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය
2019/ 20 වසරේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාවය මේ වනවිට සපුරා ඇති නමුත් විශාල වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති කරමින් පවතී. වී වගාව සදහා
පොහොර හිඟයක් කිසිසේත්ම ඇති වී නොමැති අතර ඒ ඒ ගොවි මහතාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති ප්‍රමාණයට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රසායනික පොහොර ලබා දී ඇත.
රසායනික පොහොර අධිකව භාවිතය හේතුවෙන් ගොවි මහතුන් හා පාරිභෝගිකයාද බෝනොවන රෝග රාශියකට පාත්‍ර වී ඇති බව පැහැදිලිව ඔප්පු කර ඇති තත්වයක් තුළ නියමිත ප්‍රමාණය ඉක්මවා පොහොර භාවිතා කරන ගොවි මහතුන් හා එකී අධි භාවිතය සඳහා අනුබල ලබාදෙන පිරිස් මෙරට ජනතාව පරිභෝජනය කරන ප්‍රධාන ආහාරයට එකතු වන වස විස ප්‍රමාණය ඉහළ දමා මහජනතාව භයානක රෝගීන් බවට පත් කිරීමේ කොටස්කරුවන් බවට පත්වන බව පෙන්වා දෙමි.
බන්ධනාගාර ගත රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බලගන්වන වැඩසටහනක් වැලිකඩ බන්ධනාගාරයෙන් ඇරඹේ
“පාලි භාෂා ප්‍රවර්ධන විභාගය 2019” - 2020 පෙබරවාරි 22 වන දා
දහම් පාසල් ගුරුවරුන් සඳහා පැවැත්වෙන පාලි භාෂා ප්‍රවර්ධන විභාගය පෙබරවාරි මස 22 වන දින පෙරවරු 09.00 සිට 12 .00 දක්වා විභාග මධ්‍යස්ථාන 15ක දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.
උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම කඩිනම් කෙරේ
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා විශේෂ රැස්වීමක් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී (15)දින පැවැත්විණි.
සංචාරක, ගුවන් සේවා පැමිණිලි විමර්ශනය සදහා විශේෂ ඒකකයක්
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරේ.