නාම යෝජනා භාර දීමට පැමිණෙන නියෝජිතයින් සීමා කරයි- නියෝජිතයින් තුනක් පමණයි
විශේෂ නිවාඩුවෙන් නාමයෝජනාවලට බලපෑමක් නැහැ. - මැතිවරණ කොමිෂන් සභාව
රජය විසින් මාර්තු 17, 18 සහ 19 දිනයන් විශේෂ නිවාඩු දින වශයෙන් ප්‍රකාශකොට ඇතත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීමට එය බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති සම්පාදන) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කෙරේ
කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
'කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාවේ සූදානම්
'කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාව පෙර සූදානම් ගොඩබිම විශේෂ කලාපයක නිරෝධායන කටයුතු නියමිත සම්මත ක්‍රියා පටිපාටියකට අනුව සිදු කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරුවක් නාවික හමුදාව විසින් සිදු කළේ ය.
මාර්තු 16 සඳුදා විශේෂ නිවාඩු දිනයක්
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ,බැංකු,වෙළඳ ( Public,Bank,Mercantile ) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තහවුරු කරයි