මාර්තු 10 වෙනිදායින් පසුව ලොව කුමන රටක සිට පැමිණියත් වහාම ලියාපදිංචි වන්න - 119 හෝ 1933 දුරකථන අංකය අමතන්න
පුත්තලම-කඩයන්කුලම, බණ්ඩාරගම-අටළුගම, අකුරණ-තෙලඹුගහවත්ත යන ග්‍රාමයන් හි දී covid-19 ආසාදිතයින් හමුවීමත් සමඟ කරනු ලැබූ විමර්ශන වල දී තහවුරු වුයේ එම පුද්ගලයින් ලංකාවට විදේශයන් හි සිට පැමිණි බවත්,
පුත්තලමට නිරෝධායන මධ්‍යස්ථානයක් - අටුළුගම, අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කරයි
කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.
ඇඳිරිනීතිය පිළිබඳ නවතම නිවේදනය
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල වෙත ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලසීමාව තවත් සති 02කින් කල්දැමේ
2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල වෙත ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලසීමාව තවත් සති 02කින් කල් දැමීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරයි
නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සුරක්ෂිතව ගම්බිම්වලට
ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප වසා දැමීමට ගත් තීරණයට අනුව කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවයකළ ඇදිරි නීතිය සදහා බෝඩිං වල සිරවී සිටි සේවක සේවිකාවෝ ගම් බිම් වලට පිටත් කර හැරීමට ඊයේ (27) සිට පියවර ගැනිණි.