ශ්‍රී ලංකාවට පැමිණ සිටි 2913ක් ලියාපදිංචි වෙයි
ලියාපදිංචි වීමට සිදු කළ දැනුම්දීමට අනුව අද (1) දිනය තුළ ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 2913ක් ස්වයං නිරෝධායනය සඳහා ලියාපදිංචි වූ බවත් එය අගය කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
උසස් පෙළ විභාගය කල් දමන බවට ඇතැම් සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර අසත්‍යයයි - අධ්‍යාපන අමාත්‍යංශය
2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 30ට පෙර ලබා දීමටසියලු කටයුතු සූදානම්
කුමන රටක සිට පැමිණියත් අප්‍රේල් 01දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන්න
කුමන් හෝ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටීනම් අනිවාර්යෙන් ම අප්‍රේල් 01 දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියි.
COVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට නවීනතම දැඩිසත්කාර ගිලන් රථ දෙකක්- නවීනතම රෝහල් ඇදන් 25 ක් ප්‍රදානය කෙරේ
COVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් නවීනතම දැඩිසත්කාර ගිලන් රථ දෙකක් ද, රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ප්‍රදානය කෙරේ.