COVID–19 වෛරසය අසාදිත වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීමට පරීක්ෂණ සංඛ්‍යාත්මකව වැඩි කිරීමට පියවර
COVID – 19 වෛරසය අසාදිත වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීම සඳහා පරීක්ෂණ සංඛ්‍යාත්මක ව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඊයේ (04) පැවසීය.
ජාතික අසමඟිය ඇති කරන පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අයට එරෙහිව විමර්ශන
ජාතික අසමඟිය ඇතිවන ආකාරයේ පුවත් හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔබට රෝග ලක්ෂණ තිබෙනවා නම් 1390 අමතන්න- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සැක කෙරෙන රෝග ලක්ෂණ ඔබට පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා 1390 හඳිසි දුරකතන සේවය ආරම්භ කර තිබෙන බවත් එම අංක අමතා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට සිටි වෘත්තීය ක්‍රියාමර්ගය අත්හිටුවයි- දිනක වැටුප කොරෝනා නිවාරණ ජාතික අරමුදලට
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට සිටි වෘත්තීය ක්‍රියාමර්ගය අත් හිටුවයි- දිනක වැටුප කොරෝනා නිවාරණ ජාතික අරමුදලට
කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දෙමු - මහ බැංකු අධිපති
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉවහල්වන අයුරින් ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.