කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.

කොරෝනා කාලසීමාව තුළ දී විදුලිය භාවිතා කළ විදුලි පාරිභෝගිකයින් වෙත ලැබි ඇති විදුලි බිල්පත් ගෙවීමේ දී ඔවුන්ට කිසිදු ආකාරයේ අසාධාරණයක් සිදු නොකිරීමට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදුලිබල ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

ශ්‍රී ලංකාවේ දැනට වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (21) කියා සිටියේය.