
Editor
ඒකාබද්ධ පළිබෝධ පාලනය හා කෙම් ක්‍රම
සීඝ්‍රයෙන් වැඩිවන ලෝක ජනගහනයට අනුව ආහාර අවශ්‍යතාව දිනෙන් දින ඉහල යමින් පවතී. එමෙන්ම ලෝක ජනගහනයෙන් බහුතරයකගේ ජීවිකා වෘත්තිය වී ඇත්තේ කෘෂිකර්මයයි. මේ අනුව බෝග අස්වනු ඉහල දැමීම පිළිබඳ අවධානය යොමු කිරීම අප සියලු දෙනාටම බලපාන වැදගත් කරුණක් මෙන්ම බහුතරයකගේ ජීවන තත්ත්වය හා ආදායම ඉහළ දැමීමට බලපාන කරුණක් ද වේ.
ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය-2016 සමාප්ති උළෙල අද
ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය-2016 සමාප්ති උළෙල අද (24) පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමය සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් බර ඉසිලීමේ ශූරතාවලිය සංවිධානය කරනු ලබයි.
පොප් ගායක ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි!
ජනප‍්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වී තිබේ.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53කි.
එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල් 1980 දශකයේ දී අතිශය ජනප‍්‍රියත්වයට පත් වුණි.
ඔහු විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට‍්‍රයි, වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක‍්‍රිස්මස්, ෆ‍්‍රීඩම් යන ගීත ජනපි‍්‍රයත්වයට පත්වුණේ ගීත ඇල්බම ද මිලියන ගණනක් අලෙවි වෙමිනි.
චිලී රාජ්‍යයේ ප‍්‍රබල භූ කම්පනයක්
චිලී රාජ්‍යයේ ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 7.7ක්.
භූ කම්පනයෙන් පසු අනතුරු ඇගවිම් ද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
වියළි කලාගුණයේ වෙනසක්
දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස් වීමක් ඇතිවිය හැකි බවත් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලින් එය බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම සහ සබරගමු පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.