Editor
හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්
නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
මැතිවරණ පැමිණිලි 260ක් - සැකකරුවන් 61ක් අත්අඩංගුවට
මෙවර පළාත් පාලන මැතිවරණය කටයුතු පැවැත්වෙන 2017 දෙසැම්බර් 9 දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 260ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ “නීතීඥ සහය අවශ්‍ය නම්” 1929 අමතන්න- නීතීඥ සහය නොමිලේ
කල් ගතවන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ “නීතීඥ සහය අවශ්‍ය නම්” 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි.
තැපැල් ඡන්ද ගණන් කිරීම සෙසු ඡන්ද ගණන් කිරීමට සමගාමිව සිදු කෙරේ
පෙබරවාරී 10 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම සෙසු ඡන්ද පත්‍රිකා ගණන් කිරීමට සමගාමීව සිදු කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ඉන්දුනීසියානු ජනපති අද ශ්‍රී ලංකාවට පැමිණෙයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24 ) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල අයඳුම්කිරීමේ කාලය දීර්ඝ කරයි
2017 / 2018 අධ්‍යයන වර්ෂය සඳහා අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයඳුම්පත් භාරගැනීමේ අවසාන දිනය පෙබරවාරි 02දා දක්වා දීර්ඝ කොට ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.
වැසි රහිත කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්,හම්බන්තොට,මාතර, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇති විය හැක.
ළමා අපයෝජන අවම කිරීමේ වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ පැසසුම්
ළමා අපයෝජන අවම කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රැගෙන යන වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැසසුමට ලක්වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් වේගවත් කරයි
ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් තවදුරටත් වේගවත් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රනතුංග මහතා පවසයි. නුගේගොඩ ගම්සභා හංදියේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භූගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තබනා ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
පක්ෂ නායකයින් අද රැස්වෙයි
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. මහබැංකු බැදුම්කර වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීමෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පසුගිය 17 දින මේ බව සඳහන් කර ඇත.