සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැලණිය, කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අවට ආරක්ෂාව තර කිරීමට මහජනආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් දී ඇත.

ආරක්‍ෂාව වැඩිකිරීමට අදාළ මෙම නියෝගය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, විශ්වවිද්‍යාල තුනේ බලධාරීන් සමඟ අඛණ්ඩව දිනතුනක් පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ගෙන ඇත.

කැලණිය විශ්වවිද්‍යාලය අසල ඊයේ (18) රාත්‍රියේ පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගත් අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු හත් දෙනෙකු අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.  පොලීසියේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය අසල ඊයේ පැවති විරෝධතාවකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

 

වංචා දූෂණ ඉහවහා ගොස් ඇති නිසා බටහිර රටවල් ආයෝජනයට මැලිකමක්

ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් ශානි අබේසේකරට

 

වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහත්වරු සහ වවුනියාව හිටපු දිසාපති පී.එස්.එම්.චාල්ස් මහත්මිය අද (17)පත් කළේය.

ඔවුන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත. පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සඳුදා (15)එම ධුරවලින් ඉවත් කරන ලදී. මේ අතර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නවින් දිසානායක මහතා සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. කොබ්බෑකඩුව මහතා දැනට විදේශගතව සිටී.