Sunday, 01 January 2017 07:51

අබූත

මොන දේ කළත් වරදින උපාලිට කොන්දොස්තර කොල්ලා, ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ, මුහුණත අපැහැදිලි, අවපැහැ ගැන්වුණු කාසියකි. බෝක්කුවේ හිඳගත් උපාලි එය  පිරිසිදු කරන්නට විය. එකෙනෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.

"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබයි මගේ ස්වාමියා."

"අම්මට සිරි!" උපාලිට කියවිණි.

"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.

"සිරි කියන්නෙ ශ්‍රී කියන එක. ආශීර්වාදාත්මක වචනයක්." උපාලි වැරැද්ද හදාගත්තේය.

"බොරු නේද?”

"ඒක පැත්තකට දානවකො. මොනවද බූතයෙකුට කරන්ඩ පුළුවන් ?"

"භූතයෙක්- මහප්‍රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය. "මොනවද වෙන්ඩ ඕනෙ."

"මාව ලෝකෙ ලොකුම පෝසතා කරනවකො."

"ඒකනම් අමාරුයි." භූතයා කණගාටුවෙන් පැවසීය. "මං ඉතින් සිල්ලර කාසියක භූතයෙක්නෙ."

උපාලි සිල්ලර අවශ්‍යතාවයක් මතක් කළේය.
"බත් පිඟානක් ?"

"එච්චරනං අමාරුයි..."

ඉක්මණින්ම උපාලි භූතයාගේ තරම වටහා ගත්තේය: අතුරුදහන් වීමත් අදහස් ප්‍රකාශ කිරීමත් හැර ඌට මෙලෝ වැඩක් බැරිය.


ඉන් නොසැළුණු උපාලි, උගෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතුවේය.

"මට කීකරුව හිටියොත් මොණර කොළේක බූතයෙක් වුණහැකි."

"භූතයෙක්, මහප්‍රාණ භ යන්න. මං කාසියෙ අයිතිකාරයට කීකරුයි." භූතයා කීවේය.

“වැඩේ සරලයි.” උපාලි පැහැදිලි කළේය. "තමුසෙට තියෙන්නෙ, ඔය මට කිව්ව හරියම අනික් මිනිස්සුන්ටත් කියන්ඩ."

"එච්චරද?”

"එච්චරයි.  හැබැයි කොන්දේසි උඩ:
එක-  ප්‍රසිද්ධියෙ අතුරුදහන් වෙන්ඩ බෑ.
දෙක- මගෙ ළඟම ඉන්ඩ ඕන."

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුනතා ඇගයීමේ ත්‍යාග හා සහතික පත් ප්‍රධානෝත්සවය බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහා නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

සෞභාග්‍යයේත්, සහජීවනයේත්, සංහිඳියාවේත් නැවුම් අපේක්ෂා දල්වමින් 2017 වසර එළැඹ ඇති බවත් තිරසර යුගයක මඟ සලකුණු ඔස්සේ ශ්‍රී ලංකාවේත් දිළිඳුකම තුරන් කිරීමේ අධිෂ්ඨාන පූර්වක හැඟීම පෙරදැරිව මිලියන 22ක ජනතාව නව වසර පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බව සිය

වත්මන් ආණ්ඩුවේ ජනතාවට අවැඩදායක ක‍්‍රියා වහාම නතර කර දෙන්නැයි ද එසේ නොකරන්නේ නම් ආණ්ඩුව පලවා හැර ජනතා හිතවාදී නව ආණ්ඩුවක් බිහි කිරීමට ආශිර්වාදය ලබා දෙන්නැයි ද ඉල්ලමින් දේවාල 03ක දී අද දේව කන්නලව් සිදු කෙරුණා . ඒ, සීනිගම දේවාලයේදී, මුන්නේෂ්වරම් දේවාලයේදී සහ නවගමුව පත්තිනි දේවාලයේදීයි.

දිවයිනේ තනි බෝගයක් ලෙස වැඩිම බිම් ප්‍රමාණයක් යොදවා ඇත්තේ වී වගාවටයි. එය රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 42% ක් පමණ වේ.

වී වගා ප්‍රදේශ:
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වී වගා කරනු ලැබේ. වැඩිම වගා බිම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද අඩුම බිම් ප්‍රමාණය නුවර එළිය දිස්ත්‍රික්කයේ ද වේ. තෙත් කලාපයේ වර්ෂා ජලයෙන් ද වියළි කලාපයේ වැඩි වශයෙන් ජල සම්පාදනයෙන් ද වී වගා කරනු ලැබේ.